01

E   |     |  

 දිනය: 2025-08-07   පිළිතුර ලබා දී ඇත 

1069/2025: ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ තනතුරු: බඳවා ගැනීමේ සුදුසුකම්

----

අසන ලද දිනය

2025-08-07

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවලට අනුකූල වන පරිදි එම සුදුසුකම ඉවත් කර තිබේ.

              (ii)      ඔව්. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිර්ණායකවලට අනුකූලව සහ ආයතනයේ බහුතර එකඟතාව අනුව එසේ කර ඇත.

            (iii)      නැත.

දැනට ක්‍රියාත්මක පටිපාටියේ සේවා පළපුරුද්ද පිළිබඳව සටහන් කර ඇතත්, එම පළපුරුද්ද ලබා තිබිය යුතු ආයතන පිළිබඳ සටහනක් නොමැත.

නමුත් යෝජිත පටිපාටියේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවල දැක්වෙන පරිදි අපේක්ෂිත සේවා පළපුරුද්ද රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයකින් ලබා තිබිය යුතු බව දැක්වේ. මෙය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවල තිබෙන්නකි.

(iv) ජාතික අධ්‍යාපන ආයතනය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයනට අනුකූල වන පරිදි නව බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කිරීම 2018 වසරේදී ආරම්භ කර තිබූ අතර, මේ වන විට ජ්‍යෙෂ්ඨ මට්ටමේ සහ මධ්‍ය මට්ටමේ සිට ප්‍රාථමික සේවා ගණය දක්වා තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පටිපාටි අනුමත කර ගැනීමට හැකි වී ඇත.

ජ්‍යෙෂ්ඨ අධ්‍යයන හා පර්යේෂණ සේවා ගණයේ සහ අධ්‍යයන හා පර්යේෂණ සේවා ගණයේ තනතුරු සඳහා ද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයනට අනුකූලව සකස් කරන ලද බඳවා ගැනීමේ පටිපාටිය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින්ගේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අදාළ වෘත්තීය සංගම්වල බහුතර එකඟතාව මත සකස් කර අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ සහිතව අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks