E   |     |  

 දිනය: 2026-08-21   පිළිතුර ලබා දී ඇත 

1038/2026: 2000 වසරේ සිට බිඳ වැටුණු සමුපකාර ග්‍රාමීය බැංකු : විස්තර

 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන සමුපකාර ග්‍රාමීය බැංකු සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම බැංකුවල නම් කවරේද;

            (iii)      2000 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ එම ග්‍රාමීය බැංකු අතරින් බිඳ වැටී ඇති බැංකු සංඛ්‍යාව කොපමණද;

(iv) එම බැංකුවල නම් කව‍රේද;

(v) එම තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින තැන්පත්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(vi) එම තැන්පත්කරුවන්ට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදී ඇති සහන කවරේද;

(vii) එම බැංකුවල මූල්‍ය වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-21

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)      2,469යි.

පළාත

සමුපකාර ග්‍රාමීය බැංකු සංඛ්‍යාව

බස්නාහිර

531

මධ්‍යම

343

වයඹ

421

උතුරු මැද

181

උතුර

110

නැඟෙනහිර

87

දකුණ

367

සබරගමුව

261

ඌව

168

එකතුව

2469

(ii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ලේඛනයක් බැවින් සභාගත* කරමි.

(iii) 77යි.

බස්නාහිර

48

මධ්‍යම

01

වයඹ

නැත

උතුරු මැද

නැත

උතුර

නැත

නැඟෙනහිර

නැත

දකුණ

26

සබරගමුව

නැත

ඌව

02

එකතුව

77

(iv) ඇමුණුම 02 ලෙස පහත දක්වා ඇත.

 

ඇමුණුම 02:

(v) පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් වාර්තා කරන පරිදි 200‍,068කි.

බස්නාහිර

139,811

දකුණ

  60,128

මධ්‍යම

       129

වයඹ

අදාළ නොවේ

උතුරු මැද

අදාළ නොවේ

උතුර

අදාළ නොවේ

නැ‍‍ඟෙනහිර

අදාළ නොවේ

සබරගමුව

අදාළ නොවේ

ඌව

තැන්පත්කරුවන් පීඩාවට පත්ව නැත. අනෙකුත් බැංකු හරහා ඔවුන් ගනුදෙනු කරගෙන යනු ලැබේ.

එකතුව

200,068

 

 

(vi)

 

පළාත

ලබා දී ඇති සහන

බස්නාහිර

  • බස්නාහිර පළාත් සමුපකාර අරමුදල මඟින් සීමාසහිත දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ තැන්පතු ගෙවීම සඳහා රුපියල් මිලියන 25ක ණය මුදලක් සහන පොලී අනුපාත යටතේ ලබා දී ඇත.

 

  • බස්නාහිර පළාත් සමුපකාර අරමුදල මඟින් සීමාසහිත මහරගම විවිධ සේවා සමුපකාර සමිතියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 20ක ණය මුදලක් සහන පොලී අනුපාත යටතේ ලබාදී ඇත.

දකුණ

    ආණ්ඩුකාරතුමා සමඟ සමිතියේ විධායක නිලධාරින් සමඟ සියලුම ග්‍රාමීය බැංකු කළමනාකරුවන් සමඟ සාකච්ඡා සිදු කරමින් පවතී.

මධ්‍යම

අදාළ නොවේ

වයඹ

අදාළ නොවේ

උතුරු මැද

අදාළ නොවේ

උතුර

අදාළ නොවේ

නැ‍ඟෙනහිර

අදාළ නොවේ

සබරගමුව

අදාළ නොවේ

ඌව

    ග්‍රාමීය බැංකුවල ගනුදෙනුකරුවන් අපහසුතාවකට පත්ව ඇති බවක් අනාවරණය නොවේ.

(vii) ඇමුණුම 03 ලෙස පහත දක්වා ඇත. 

ඇමුණුම 03:

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks