පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් අතරින් මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට එම එක් එක් දීමනාව යටතේ එක් සිසුවෙකුට ලැබෙන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම මුදල් නිසි පරිදි සහ නිසි දිනට සිසුන් වෙත ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
විශ්වවිද්‍යාලය |
මහපොළ |
ශිෂ්‍යාධාර දීමනා |
|
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාල |
60,221 |
28,271 |
|
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය |
79 |
347 |
|
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය |
40 |
491 |
|
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය |
- |
*1,433 |
|
සාගර විශ්වවිද්‍යාලය |
- |
*573 |
|
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය |
- |
- |
|
එකතුව |
60,380 |
31,115 |
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා සාගර විශ්වවිද්‍යාලය හරහා වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශ වන අඩු ආදායම්ලාභී සිසුන් සඳහා 2021 අය වැය යෝජනා යටතේ 2021 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි "නිපුණතා සිසු සවිය" නමින් ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වේ.
(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා
|
විස්තරය |
භාණ්ඩාගාර දායකත්ව මුදල (රු.) |
මහපොළ අරමුදලේ දායකත්ව මුදල (රු.) |
එක් සිසුවෙකුට ලැබෙන මුළු මුදල (රු.) |
|
මහපොළ |
5,200.00 |
4,800.00 |
10,000.00 |
|
ශිෂ්‍යාධාර දීමනා |
9,000.00 |
- |
9,000.00 |
ශිෂ්‍යාධාර දීමනාව සඳහා භාණ්ඩාගාරයෙන් තමයි සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
මහපොළ - රු.7,500
ශිෂ්‍යාධාර - රු.9,000
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා සාගර විශ්වවිද්‍යාලය (නිපුණතා සිසු සවිය ශිෂ්‍යාධාර ක්‍රමය)
(iii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල සිසුන් සඳහා
මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා නිසි පරිදි සිසුන් වෙත ලබා දීම සඳහා එක් එක් මාසයට අවශ්‍ය භාණ්ඩාගාර දායකත්ව මුදල් එම මාසයේ මුල් දිනවල භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු සිදු කිරීම හා එම මුදල් ලැබුණු විගස මහපොළ භාරකාර අරමුදල වෙත හා විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2026 ජුනි වන විට ප්‍රමාදයක් නැතුව මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමට අපි වැඩකටයුතු කරලා තිබෙනවා.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා සාගර විශ්වවිද්‍යාලය (නිපුණතා සිසු සවිය ශිෂ්‍යාධාර ක්‍රමය)
වෘත්තීය පුහුණු ආයතනවලින් කාර්තු පාදක ඇස්තමේන්තු යොමු කිරීමෙන් පසු අදාළ අක් මුදල් වෘත්තීය පුහුණු ආයතන වෙත ලබා දී මාසිකව සිසුන්ගේ බැංකු ගිණුම් වෙත ශිෂ්‍යාධාර මුදල් බැර කිරීම සිදු කරනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks