පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1017/2025
ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය සීනි අවශ්‍යතාවය කොපමණද;
(ii) 2023, 2024 වර්ෂවලදී සහ 2025 වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද සීනි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2025 අවසානය වනවිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපේක්ෂා කරන සීනි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දේශීයව නිෂ්පාදිත සීනි මත පනවා ඇති බදු වර්ග සහ බදු ප්‍රතිශතයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා සීනි නිෂ්පාදනයෙන් මේ වනවිට අලාභ ලබන බව දන්නේද;
(iii) ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය ආශ්‍රිතව නිර්මාණය වී ඇති සෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම රැකියා මේ වනවිට දැඩි අවදානමකට ලක් වී ඇති බව දන්නේද;
(v) ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත්, ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-22
අසන ලද්දේ
ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වාර්ෂික සාමාන්‍ය සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 650,000ක් පමණ වේ.
(උක් පර්යේෂණ ආයතනයේ දත්ත අනුව)
(ii)
|
සමාගම |
වාර්ෂික නිෂ්පාදිතය (මෙට්‍රික්ටොන්) |
|||
|
|
2023 |
2024 |
2025.01.01 දින සිට 2025.06.30 දින දක්වා |
|
|
සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම |
පැල්වත්ත කර්මාන්ත ශාලාව |
28,076.65 |
27,790.85 |
8,779.30 |
|
|
සෙවනගල කර්මාන්ත ශාලාව |
13,784.00 |
11,930.00 |
3,139.56 |
|
ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම |
14,581.00 |
26,382.00 |
5,225.00 |
|
|
ඇතිමලේ වැවිලි සමාගම |
9,756.00 |
14,584.70 |
5,297.00 |
|
|
එකතුව |
66,197.65 |
80,687.55 |
22,440.86 |
|
(iii)
|
සමාගම |
2025 වර්ෂය තුළ නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත සීනි ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
|
සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම |
පැල්වත්ත කර්මාන්ත ශාලාව |
35,617.00 |
|
|
සෙවනගල කර්මාන්ත ශාලාව |
18,350.00 |
|
ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම |
30,459.00 |
|
|
ඇතිමලේ වැවිලි සමාගම |
19,701.00 |
|
|
එකතුව |
104,127.00 |
|
2025 වර්ෂය තුළ ආනයනය කිරීමට අපේක්ෂිත සීනි ප්‍රමාණය - වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ලබා ගත් තොරතුරු අනුව 2025 වර්ෂය තුළ ආනයනය කිරීමට අපේක්ෂිත සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 550,000ක්, 600,000ක් පමණ වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් මස දක්වා ආනයනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 269,800කි.
(ආ) (i) එකතු කළ අගය මත බදු (VAT) - 18%
සමාජ ආරක්ෂක බද්ද (SSCL) - 2.5%
(ii) පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා සීනි නිෂ්පාදනයෙන් ලාභ නොලබන තත්ත්වයක පවතී.
(iii)
|
සමාගම |
ඍජු රැකියා සංඛ්‍යාව |
වක්‍ර රැකියා සංඛ්‍යාව |
|
|
සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම |
පැල්වත්ත කර්මාන්ත ශාලාව |
3,856 |
250,000 |
|
|
සෙවනගල කර්මාන්ත ශාලාව |
1,297 |
100,000 |
|
ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම |
1,265 |
60,000 |
|
|
ඇතිමලේ වැවිලි සමාගම |
1,151 |
9,500 |
|
|
එකතුව |
7,569 |
419,500 |
|
(iv) දේශීය සීනි කර්මාන්තය දැඩි මූල්‍ය ගැටලුවකට පත්ව ඇති බැවින් ඍජු හා වක්‍ර රැකියා පිළිබඳව ඉදිරියේදී ගැටලු සහගත තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතින බව නිරීක්ෂණය කරමි.
(v) දුඹුරු සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පහත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතී.
ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කොට දේශීය දුඹුරු සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් ආනයනය කරනු ලබන සුදු සීනි ප්‍රමාණය අඩු කර ගැනීමේ හැකියාව පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks