පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-05-07
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
පළාත |
කාන්තාවන්ට එරෙහිව වාර්තා වූ මුළු සයිබර් අපරාධ සංඛ්‍යාව |
ඒ අතුරින් විසඳා ඇති සංඛ්‍යාව |
විමර්ශන තවදුරත් සිදුවන හෝ නඩු පැවරීමට නියමිත සංඛ්‍යාව |
||||||
|
|
2023 |
2024 |
2025 |
2023 |
2024 |
2025 |
2023 |
2024 |
2025 |
|
බස්නාහිර |
3 |
26 |
32 |
3 |
23 |
25 |
0 |
3 |
7 |
|
ඌව |
5 |
6 |
4 |
4 |
4 |
1 |
1 |
2 |
3 |
|
වයඹ |
0 |
2 |
0 |
0 |
0 |
0 |
0 |
2 |
0 |
|
නැඟෙනහිර |
1 |
1 |
5 |
1 |
1 |
5 |
0 |
0 |
0 |
|
උතුරු |
10 |
22 |
10 |
10 |
22 |
8 |
0 |
0 |
2 |
|
දකුණු |
13 |
15 |
24 |
13 |
15 |
21 |
0 |
0 |
3 |
|
මධ්‍යම |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
සබරගමුව |
8 |
6 |
26 |
8 |
5 |
20 |
0 |
1 |
6 |
|
උතුරු මැද |
0 |
4 |
5 |
0 |
2 |
4 |
0 |
2 |
1 |
|
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඍජුව වාර්තා වූ |
4063 |
3077 |
4636 |
716 |
910 |
488 |
3347 |
2167 |
4148 |
|
එකතුව |
4103 |
3159 |
4742 |
755 |
982 |
572 |
3348 |
2177 |
4170 |
(ii) සයිබර් අපරාධ නඩු විසඳීම සඳහා ගතවන කාලය නිශ්චිතව කියන්න බැහැ. ඒක තීන්දු වෙන්නේ නඩුවේ ස්වභාවය අනුව. අවම වශයෙන් සමහර ඒවාට මාස කිහිපයක් ඇතුළතත් සමහර ඒවාට වසර දෙකක කාලයකුත් ගත වෙන්න පුළුවන්.
(iii) ඔව්.
(iv) ඔව්.
(v) සයිබර් අවකාශයේ සිදුවන හිංසනයන් හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතා කිරීමේ පියවර,
1. කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිත කරමින් සිදු කරන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.
2. Facebook, Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයන් එක්ව, AI මගින් කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයන් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛ විවිධ ආයතන මඟින් සිදුකරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා.
1. පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් වැඩමුළු පවත්වමින් ඉන්නවා.
2. වංචනික ඇමතුම්, පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම.
කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීම හා සම්බන්ධිත නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පහත යන්ත්‍රණයන් ශක්තිමත් කර තිබෙනවා.
1. 2024 අංක 09 දරන අන්තර්ජාල අරක්ෂණ පනත යටතේ පිහිටුවා ඇති "අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව" මඟින් කාන්තාවන්ට එරෙහිව සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා බලය තීව්‍ර කරලා තිබෙනවා.
2. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගත් සයිබර් විමර්ශන, මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුළදීම පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා.
3. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීමට 1938 (කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය) හෝ පොලිස් හදිසි අංක 1929 හරහා ක්ෂණික සහාය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks