පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන ලුහුබැඳීම, හිරිහැර, බියවද්දා මුදල් බලෙන් ලබා ගැනීම, අනන්‍යතා තොරතුරු සොරකම් කිරීම, එකඟතාවයකින් තොරව සංවේදී පෞද්ගලික කරුණු පළ කිරීම සහ කෘත්‍රිම බුද්ධිය අවභාවිතා කිරීම වැනි නිශ්චිත කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති, කාන්තාවන් සම්බන්ධ පරිගණක අපරාධ පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පසුගිය වසර 03 තුළ එවැනි වැරදි ක්‍රියාවල වැඩිවීමක් කිසියම් නිශ්චිත කාණ්ඩයකට අදාළව සිදුවී තිබේද;
(iii) එසේ නම්, හඳුනාගෙන ඇති මතු වෙමින් පවතින ප්‍රවණතා කවරේද;
(iv) එවැනි වැරදි ක්‍රියා, කාණ්ඩය සහ කලාපය අනුව වර්ගීකරණය කර හඳුනා ගැනීම සඳහා වෙන්වූ දත්ත රැස් කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks