E   |     |  

 දිනය: 2026-04-07   පිළිතුර ලබා දී ඇත 

1014/2026: 2020 සිට කාන්තාවන්ට අදාළ සයිබර් අපරාධ පැමිණිලි: විස්තර

.

අසන ලද දිනය

2026-04-07

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      2021.03.24වන දින පරිගණක අපරාධ විමර්ශන අංශය ආරම්භ කර ඇති අතර, ඒ අනුව සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව පහත පරිදි වේ.

 

 

 

 

 

අනු අංකය

වර්ෂය

දිවයින පුරා වාර්තා වී ඇති සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව

උතුරු පළාත තුළ වාර්තා වී ඇති සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව

1

2021

3,187

-

2

2022

2,019

7

3

2023

3,292

13

4

2024

2,453

23

5

2025

1,302

12

6

2026.03.10 දිනට

740

7

එකතුව

12,993

62

 

 

(ii)

 

 

(iii) 1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ විමර්ශන උප ඒකක බස්නාහිර, මධ්‍යම, දකුණ, නැ‍ඟෙනහිර, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති අතර, සබරගමුව සහ ඌව පළාත වෙත වාර්තා වන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් ආවරණය කරනු ලබයි.

2. කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සමාජ මාධ්‍ය හා පරිගණක ආශ්‍රිතව සිදු වන අපරාධ වළක්වාලීම සඳහා පොලිස් ස්ථාන සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව පාසල් ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

3. සයිබර් අපරාධවලට ගොදුරු වී මානසික පීඩාවන්ට ලක් වූවන් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය උපදේශන සඳහා යොමු කිරීම.

4. වර්තමානය වනවිට ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නිලධාරිනියන් විශේෂ රාජකාරි පදනම මත උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් වෙත අනුයුක්ත කර ඇති අතර, එමඟින් එම ප්‍රදේශවලින් වාර්තා වන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට පියවර ගෙන ඇත.

5. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ මූලස්ථානයට අනුයුක්ත දෙමළ භාෂාව කථා කළ හැකි නිලධාරින් සහ උතුරු පළාතේ රාජකාරි කරනු ලබන දෙමළ භාෂා නිපුණතාව සහිත නිලධාරින් සම්බන්ධ කර ගනිමින් එම පළාතේ දරුවන් සහ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

6. ළමුන්ට හා කාන්තාවන්ට එරෙහිව සිදු වන සියලුම ආකාරයේ අපරාධ, අකටයුතුකම්, කෲරත්වයන්, ළමා අපචාර වැනි සිද්ධීන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දීම සඳහා 011-2444444 දරන දුරකථන අංකය හඳුන්වා දී ඇත. ඉන්පසු 2024 වර්ෂයේ සිට ඉහත දුරකථන අංකයට අමතරව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය තුළ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන ඇමතුම් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර 109 දරන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර, එහිදී ස්ථාවර දුරකථන 05ක් මඟින් සේවය ලබා දෙමින් මෙහෙයුම් මැදිරියේ රාජකාරි සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් පමණක් අනුයුක්ත කර ඇත. මීට අමතරව, 071-8595823 ජංගම දුරකථන අංකය මඟින් දුරකථන ඇමතුම් සහ වට්ස්ඇප් - WhatsApp - යෙදුම හරහා තොරතුරු ලබා දීම සඳහා අවස්ථාව සලසා ඇත.               විද්‍යුත් ලිපිනයන් මඟින් තොරතුරු ලබා දීම                       සඳහා cwb.online@police.gov.lk සහ cwb. online109@police.gov.lk යන ලිපිනයන් හඳුන්වා දී ඇත. මෙම මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා වන සියලුම තොරතුරු සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත එසැණින් තොරතුරු ලබා දීම සිදු කරන අතර, පැය 48ක් ඇතුළත එහි ප්‍රගතිය ලබා ගැනීමට කටයුතු කරනු ලබයි.

7. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කොට්ඨාසයේ, අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථාන (National Centre for Missing and Exploited Children - NCMEC) විමර්ශන අංශය මඟින්ද මෙම සයිබර් අපරාධ පැමිණිලි ලබාගෙන විමර්ශනය සිදු කරයි.

8. අනාරක්ෂිත ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මැදිහත්ව සිදු කරන වැඩසටහන්වලට අදාළව නැ‍ඟෙනහිර පළාත තුළ පිහිටුවා ඇති "සරෝජා ව්‍යාපෘතිය" වැනි ව්‍යාපෘති ආරම්භ කර පවත්වාගෙන යෑම.

9. ප්‍රජා පොලිස් අංශ නිලධාරින් විසින් මාසිකව මහජන ආරක්ෂක කමිටු පැවැත්වීමේදී සයිබර් අපරාධ පිළිබඳව කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම.

10. සයිබර් අපරාධ හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිනියන් සහ කොට්ඨාස මට්ටමින් ස්ථාපිත ඒකකවල නිලධාරිනියන් මැදිහත් වී අවශ්‍ය මනෝ උපදේශන සේවා සැපයීමට කටයුතු කිරීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks