පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1013/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දැනට විභාග කෙරෙමින් පවතින, විමර්ශන සිදු කෙරෙමින් පවතින, නීතිමය පියවර ගනිමින් තිබෙන සහ විසඳා ඇති සයිබර් මූල්‍ය අපරාධ සිද්ධි සංඛ්‍යාව එක් එක් පළාත සහ වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) සයිබර් මූල්‍ය අපරාධ සිද්ධි විමර්ශනය කර නඩු පැවරීමට ගතවන සාමාන්‍ය කාලය කොපමණද;
(iii) මූල්‍ය වංචා පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත, සයිබර් අපරාධ විමර්ශනය කිරීම සඳහාම වෙන්වූ ඒකක සියලුම පළාත්වල ස්ථාපනය කර තිබේද;
(iv) සයිබර් මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් වංචා හඳුනාගැනීමේ පද්ධති වැනි උසස් තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්ද;
(v) මූල්‍ය ආයතන සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සහ කෘත්‍රිම බුද්ධිය පාදක කර ගත් වංචා හඳුනාගැනීමේ පද්ධති වැනි උසස් තාක්ෂණය භාවිතා කිරීම ඇතුළුව සයිබර් මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i)
* ඌව පළාත සහ සබරගමුව පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කිරීමට නියමිතය.
(ii) එක් එක් පැමිණිල්ලේ ස්වභාවය අනුවද, තාක්ෂණික දත්ත ලබා දීමේ කාලය අනුව ද නඩු පැවරීමට ගත වන කාලය වෙනස් වනවා.
(iii) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ විමර්ශන උප ඒකක බස්නාහිර, මධ්‍යම, දකුණ, නැඟෙනහිර, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් ආවරණය වන පරිදි ස්ථාපිත කර තිබෙනවා. ඌව පළාත සහ සබරගමුව පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
(iv) සයිබර් මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් උසස් තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් භාවිත කරන අතර, මෙතෙක් ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට කටයුතු කර නොමැත. මෙවැනි අපරාධ හා අනෙකුත් අපරාධ විමර්ශනයේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, ඒ අනුව ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා.
(v) ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හා සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක වන අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය - Sri Lanka CERT - මඟින් පහත සඳහන් වැඩසටහන් සිදු කරනු ලබනවා.
1. මහජනයා දැනුවත් කිරීම: Phishing links, OTP වංචා සහ ආයෝජන වංචා හඳුනා ගැනීම පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් දියත් කිරීම.
2. ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ: ජාතික සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය, සයිබර් ආරක්ෂණ මූලෝපාය (2026-2029), මූලික ආරක්ෂණ ප්‍රමිතීන් කෙටුම්පත් කිරීම සහ යාවත්කාලීන කිරීම සිදු කරමින් පවතිනවා.
3. ධාරිතා වර්ධනය - capacity-building: අපරාධ යුක්තිය පසිඳලීමේ සමස්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් අධිකරණ අපරාධ විද්‍යාව - Digital Forensics, විද්‍යුත් සාක්ෂි හැසිරවීම සහ විශ්ලේෂණය පිළිබඳ අධිකරණ සහ නීති නිලධාරින්ට මෙන්ම ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය පුහුණව ලබා දීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks