04

E   |     |  

 දිනය: 2026-02-06   පිළිතුර ලබා දී ඇත 

1012/2026: සයිබර් මූල්‍ය අපරාධ: විස්තර

----

අසන ලද දිනය

2026-02-06

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)            

 

වර්ෂය

ක්‍රෙඩිට් කාඩ් වංචා

අන්තර්ජාල බැංකු වංචා

ව්‍යාජ ඊමේල් පණිවුඩ ආදිය මඟින් සිදු කරන වංචා (phishing)

සිම් අංකය පැහැර ගැනීම  (SIM swapping)

ආයෝජන වංචා

ඩිජිටල් මුදල් පසුම්බි වංචා

ඒ හා සමාන වෙනත් වැරදි

2023

2

101

15

1

27

24

161

2024

5

153

69

3

59

9

527

2025

3

199

95

3

161

22

806

(ii)      ඔව්.

    එනම්,

•     අන්තර්ජාල බැංකු වංචා

• ව්‍යාජ ඊමේල් පණිවුඩ ආදිය මඟින් සිදු කරන වංචා - phishing

• ආයෝජන වංචා

• ඒ හා සමාන වෙනත් වැරදි

(iii) ප්‍රවණතා

• අන්තර්ජාල භාවිතයේදී, සමාජ මාධ්‍ය භාවිතයේදී එනම් WhatsApp, Facebook, Instagram, Telegram වැනි භාවිතයන් තුළදී සහ මොබයිල් බැංකු හා අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම් කිරීම් ආදියේදී, එනම් online banking/mobile wallet, online ව්‍යාපාර හා freelancing ව්‍යාපාර වැනි භාවිතයන් වැඩිවීමත් සමඟ සයිබර් මූල්‍ය වංචාවල ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින අතර එම ක්ෂේත්‍රවලට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර මෙම සයිබර් මූල්‍ය වංචා සිදු කරනු ලබයි. මේවා උතුරු පළාතේ සයිබර් අපරාධ රටා ලෙස විශේෂ හඳුනා ගැනීමක් සිදු කර නොමැති අතර සමස්ත දිවයින තුළ පහත සයිබර් අපරාධ රටා හඳුනාගෙන ඇත.

• අන් අයෙකු ලෙස පෙනී සිටිමින් (සමාජයේ ජනප්‍රිය පුද්ගලයන්ගේ නාමය, ජායාරූප, ව්‍යාපාරික හැඳුනුම් නාම භාවිත කරමින්) “හදිසි අවශ්‍යතාවක්” ඇති බව දක්වමින් කෙටි පණිවුඩ යොමු කරමින් මුදල් ඉල්ලීම සිදු කරන අතර, මේ සඳහා වෘත්තීය පුද්ගලයන් (ගුරුවරුන්, රූපලාවන්‍ය ශිල්පීන්, ව්‍යාපාරිකයන්) වැඩි වශයෙන් ඉලක්ක කරයි.

• පුද්ගලයන්ගේ මනස ඉලක්ක කර ගෙන භීතිය, කරුණාව, හදිසිභාවය භාවිත කරමින් පුද්ගලයන් රවටා වංචා කිරීම සිදු කරනු ලබයි.

• තාක්ෂණය හා විශ්වාසය ඇති කර ගනිමින් බැංකු, අන්තර්ජාල හරහා ගෙවීම් සිදු කරන ලෙස පෙනී සිට fake SMS/email/WhatsApp link යොදාගෙන පරිශීලක නාමය හා මුරපද ලබා ගැනීම, එක් වරක් භාවිතා කරන රහස් අංකය - OTP - ලබා ගැනීම හා බැංකු කාඩ්පත් තොරතුරු ලබා ගැනීම මඟින් වංචා කිරීම සිදු කරනු ලබයි.

• Facebook Marketplace, Instagram, Daraz වැනි අන්තර්ජාල වෙළෙඳ පොළ භාවිතා කර ව්‍යාජ විකිණීම් හෝ ව්‍යාජ මිලදී ගැනීම් මඟින් මුදල් ගෙවූ පසු භාණ්ඩ ලබා නොදීම මඟින් වංචා සිදු කරනු ලබයි.

• WhatsApp හරහා මිතුරු වී ආදරය හා විශ්වාසය මත පදනම් කරගෙන සමාජ මාධ්‍ය හරහා විශ්වාසය ගොඩනඟා ගනිමින් මුදල් ලබා ගැනීම සිදු කරන අතර මෙම මූල්‍ය වංචා බහුතරයක් විදේශිකයින් ලෙස පෙනී සිටිමින් සිදු කරනු ලබයි.

• වෙනත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් විස්තර භාවිතා කර වංචනීය මුදල් ලබා ගැනීම සිදු කරන අතර, මෙම සයිබර් මූල්‍ය වංචා ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන්ගේ බැංකු ගිණුම් භාවිතා කර සිදු කරනු ලබයි.

(iv) දිස්ත්‍රික්ක සහ පළාත් අතර සිදු වන සයිබර් මූල්‍ය අපරාධ නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට සහ වර්ගීකරණය කිරීමට මධ්‍යගත යාන්ත්‍රණයක් නොමැත.

(v) දත්ත වෙත ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය නොහැකි අතර එම දත්ත මූල්‍ය ආයතන සමඟ බෙදා නොගනී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks