පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1010/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා සෑම වර්ෂයකදීම ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තාවී ඇති සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ කල්ලි විසින් නීතිවිරෝධී ලෙස මරණ දඬුවමට ලක් කිරීම් සංඛ්‍යාව සහ දණ්ඩ නීති සංග්‍රහය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ හෝ මහජන ආරක්ෂාව සම්බන්ධ නීති යටතේ පවරා ඇති නඩු සංඛ්‍යාව, එක් එක් පළාත් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකා පොලීසිය සහ පළාත් පරිපාලනය වෙත නිකුත් කරන ලද කවර හෝ නියෝගද ඇතුළුව, සියලුම පළාත් තුළ සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නීති සහ නීතිමය ක්‍රියා පටිපාටි ඒකාකාර ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) අමාත්‍යාංශය විසින් සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය හැකි කිසියම් අධි අවදානම් දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශ හඳුනාගෙන තිබේද;
(iv) එසේ නම්, එවැනි දිස්ත්‍රික්කවල/ප්‍රදේශවල අනාගතයේදී සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කර ඇති මැදිහත්වීම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-08
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
පළාත |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
||||||
|
|
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
මනුෂ්‍ය ඝාතන ගණන |
නඩු පැවරූ ගණන |
|
උතුරු මැද |
7 |
5 |
6 |
6 |
7 |
7 |
7 |
5 |
9 |
4 |
4 |
2 |
|
බස්නාහිර |
33 |
16 |
36 |
26 |
64 |
30 |
56 |
22 |
51 |
19 |
51 |
8 |
|
දකුණ |
27 |
22 |
33 |
20 |
45 |
22 |
38 |
14 |
43 |
19 |
26 |
5 |
|
මධ්‍යම |
9 |
8 |
10 |
7 |
11 |
8 |
17 |
8 |
13 |
7 |
4 |
0 |
|
උතුරු |
8 |
4 |
20 |
10 |
11 |
7 |
22 |
9 |
12 |
9 |
11 |
2 |
|
නැඟෙනහිර |
11 |
9 |
12 |
8 |
6 |
4 |
3 |
3 |
14 |
3 |
9 |
2 |
|
සබරගමුව |
11 |
9 |
14 |
12 |
18 |
13 |
19 |
11 |
16 |
7 |
17 |
2 |
|
වයඹ |
4 |
4 |
15 |
15 |
13 |
11 |
12 |
9 |
13 |
5 |
16 |
5 |
|
ඌව |
10 |
7 |
8 |
4 |
2 |
0 |
6 |
6 |
9 |
3 |
7 |
2 |
|
එකතුව |
120 |
84 |
154 |
108 |
177 |
102 |
180 |
87 |
180 |
76 |
145 |
28 |
(ii) සමස්ත දිවයින පුරා නීති හා නීතිය ක්‍රියාත්මක කිරීමේ පටිපාටිය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති, නියෝග, උපදෙස් හා මඟ පෙන්වීම් සඳහා විධිවිධාන, පොලිස් ආඥාපනත, පොලිස් දෙපාර්තමේන්තු නියෝග සහ පොලිස්පති චක්‍රලේඛ මඟින් සලස්වා ඇත.
(iii) ඔව්.
සංවිධානාත්මක අපරාධ කල්ලි හා සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා බස්නාහිර හා දකුණු පළාත තුළ බහුල වශයෙන් වාර්තා වන බවට හඳුනා ගෙන ඇත.
කොළඹ උතුර, නුගේගොඩ, ගම්පහ යන පොලිස් කොට්ඨාසයන්හිද,
ඇල්පිටිය, තංගල්ල, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසයන් තුළ ද එවැනි අපරාධ සෙසු පොලිස් කොට්ඨාසයන්ට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත.
(iv) · බුද්ධි නිලධාරින් හා පෞද්ගලික ඔත්තුකරුවන් මඟින් පොලිස් වසම් තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සිටින්නේ ද යන්න හා අපරාධ සිදු කිරීම සඳහා සැලසුම් සකසන්නේ ද යන්න පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
දැනට වාර්තා වී ඇති අපරාධයන්වලට අදාළව සැකකරුවන් අනාවරණය කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම හා ඒ සඳහා විශේෂ
මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය - CCD
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය
මාතර දිසා අපරාධ කොට්ඨාසය
කළුතර දිසා අපරාධ කොට්ඨාසය
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks