01

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0994/2025: ඛනිජ තෙල් ගබඩා ටැංකි: විස්තර

994/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       පොළොන්නරුව, මාතලේ සහ අනුරාධපුරය ඇතුළු නගර ගණනාවක ඛනිජ තෙල් ගබඩා කිරීමේ ටැංකි ඇති බව දන්නේද;‍

            (ii)       ශ්‍රී ලංකාව තුළ ඇති මුළු ටැංකි සංඛ්‍යාව කොපමණද;

           (iii)       එම ටැංකි අයත් අමාත්‍යාංශය කවරේද;

(iv) එම ටැංකිවල සාමාන්‍ය ධාරිතාවය කොපමණද;

‍(v) වර්තමානයේ දී මෙම ටැංකි භාවිතයට ගැනීමේ සූදානමක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      භාවිතයේ පවතින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ටැංකි සංඛ්‍යාව 82යි.  සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම සතුව 169යි.

             (iii)      බලශක්ති අමාත්‍යාංශය.

             (iv)      ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව - CPC එක - සතු භාවිතයට ගනු ලබන ටැංකිවල ධාරිතාව කිලෝලීටර් 612,611,443ක් වන අතර, සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම - CPSTL එක - සතු ටැංකිවල ධාරිතාව කිලෝලීටර් 625,879ක් වේ.

‍(v) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව - CPC එක - සතු ත්‍රිකුණාමලයේ පවතින ටැංකි 24 නවීකරණයෙන් පසු භාවිතයට ගැනීමට සැලසුම් කර ඇත.

මාතලේ, හැටන්, තලවාකැලේ, අනුරාධපුර සහ පොළොන්නරු ප්‍රදේශවල දුම්රිය ස්ථාන පසුපස පවතින ටැංකි භාවිතයට සුදුසු නොවන බැවින්, ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

තවද, දුම්රිය ස්ථාන පසුපස ඇති ගබඩා ඉඩම් නැවත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත සමීක්ෂණ මණ්ඩලයකට යොමු කර, එම නිර්දේශ මත කදුරුවෙල, අනුරාධපුර, හැටන් හා මාතලේ ඇති භාවිතයට නොගන්නා ටැංකි ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තෝරා ගන්නා ලද ගැනුම්කරුවන් මඟින් ඉවත් කිරීමට - අපහරණයට - අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, දැනට ඒවා ඉවත් කර ගනිමින් පවතී. එක් එක් ටැංකියේ වර්තමාන තත්ත්වය පහතින් දක්වා ඇත.

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks