E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

0986/2026: Operating Expenditure of the Department of Post

ගරු කිංස් නෙල්සන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා තැපැල් දෙපාර්තමේන්තුව ලැබූ මෙහෙයුම් ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       මේ වනවිට ක්‍රියාත්මක වන තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;

(iii) අලුතින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත තැපැල් කාර්යාල කවරේද;

(iv) නව තැපැල් කාර්යාලයක් ස්ථාපිත කිරීමේදී සලකා බලනු ලබන කරුණු කවරේද;

(v) මේ වනවිට දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(vi) දෙපාර්තමේන්තුව සතු වාහන සංඛ්‍යාව සහ ඉන් වෙන්දේසි කිරීමට නිර්දේශ කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

(vii) එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ක‍වරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks