01

E   |     |  

 දිනය: 2025-08-07   පිළිතුර ලබා දී ඇත 

0970/2025: ඌන සේවා නියුක්ත උපාධිධාරින්: සුදුසු සේවා ස්ථාන

970/2025

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 අනුව PL 1, PL 2 සහ  PL 3 යන වැටුප් පරිමාණවල පිහිටුවා ඇති නිලධාරින් අතර උපාධිධාරින්ද සිටින බව දන්නේද;

            (ii)       එසේ නම්, එම උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) එම ඌන සේවා නියුක්ත උපාධිධාරින්ට සුදුසු සේවා ස්ථාන ලබා දෙන්නේද;

  (iv) එසේ නම්, ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

(v) ඌන සේවා නියුක්ත ඉහත උපාධිධාරින් අතර වයස අවුරුදු 40 ට වැඩි උපාධිධාරින්ද සිටින බැවින්, ඔවුන්ට ලබා දෙන විසඳුම කවරේද;

(vi) ඌන සේවා නියුක්ත උපාධිධාරි නිලධාරින්ට ඔවුන්ගේ සුදුසුකම් අනුව විභාගයකින් තොරව උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් තිබේද;

(vii) නොඑසේ නම්, එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-07

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ඔව්.

               (ii)       නිශ්චිත ගණනය කිරීමක් සිදුකර නොමැත.

              (iii)       ඌන සේවා උපාධිධාරින් ලෙස වර්ගීකරණයක් සිදුකර නොමැත.

             (iv)       ඉහත (iii) ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අනුව පැන නොනඟී.

              (v)       ඉහත (iii) ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අනුව පැන නොනඟී.

             (vi)       ඉහත (iii) ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අනුව පැන නොනඟී.

            (vii)       ඉහත (iii) ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අනුව පැන නොනඟී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks