පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා පළමු වරට විදේශගතවූ ගෘහ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් විදේශගතවූ රටවල් කවරේද;
(iii) එම ගෘහ සේවකයන් අතරින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදෙන පුහුණුව ලබාගෙන සහ ලබා නොගෙන විදේශගතවී ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම කාර්යාංශයේ චක්‍රලේඛ අනුව පළමු වරට විදේශගත වන සේවකයන් සඳහා ලබාදිය යුතු පුහුණුවේ ස්වභාවය කවරේද;
(v) නිසි පුහුණුවක් නොලබා විදේශගත වන පුද්ගලයන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව දන්නේද;
(vi) එසේ නම්, නිසි පුහුණුවක් නොලබා විදේශගත වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-21
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 295,606යි.
(ii) ප්‍රධාන වශයෙන් සවුදි අරාබිය, කුවේට් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කටාර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, සයිප්‍රසය, සිංගප්පූරුව, මාලදිවයින, මැලේසියාව ආදී රටවල්.
(iii) පුහුණුව ලබා විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 155,046ක් වන අතර, පුහුණුව නොලබා ගෘහස්ථ අංශයේ රැකියාවක් සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකියන්ගේ සංඛ්‍යාව 140,560ක් වේ.
ඒ අතර 2022.06.15 සිට 2024.06.26 දක්වා කාලසීමාවේදී සභාපති විසින් අනුමැතිය ලබාදී ක්‍රියාත්මක වූ ක්‍රමවේදයක් හරහා පමණක් පුහුණුවෙන් නිදහස් කර ඇති කාන්තා ශ්‍රමිකයන් 33,936ක් ද ඉහත 140,560ට ඇතුළත් වේ.
(iv) "ගෘහස්ථ ගෘහ පාලන සහකාර" පාඨමාලාව ගත්තොත්, මැද පෙරදිගට දින 28ක පාඨමාලාවක් තිබෙනවා. ඒ වාගේම "ගෘහස්ථ ගෘහ පාලන සහකාර" පාඨමාලාව යුරෝපය සහ නැඟෙනහිර ආසියාවට දින 28ක පාඨමාලාවක් ලෙස තිබෙනවා. "සාත්තු සේවක/සේවිකා පුහුණු පාඨමාලාව" දින 45යි. ඉංග්‍රීසි පාඨමාලාව දින 14යි. පෙර විගමනික පුහුණුව - ඊශ්‍රායල් දින 7යි. දින 2ක පෙර විගමනික නම්නීකරණ පුහුණුව, ඒ වාගේම දින 5ක පිරිසිදු කිරීමේ පාඨමාලාව, දින 3ක පෙර විගමනික පුහුණුව රුමේනියා රාජ්‍යය සඳහා. ඒ වාගේම දින 2ක පාඨමාලාවක් තිබෙනවා. ඊළඟට, ජපන් භාෂා පුහුණු පාඨමාලාව N5 කියන කාණ්ඩ කිහිපයක් තිබෙනවා.
(v) ඔව්.
(vi) රැකියාවක් සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයන් පුහුණුව ලබා ගත යුතුයි. වෘත්තීය රැකියා - professional category රැකියා - සඳහා යන අයට ඒක අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් සියලුදෙනාට ඒක අත්‍යවශ්‍යයි. NVQ Level 3 පාඨමාලාව අරගෙන තිබුණා නම්, අවුරුදු 10කට ඒක වලංගුයි.
ඒ වාගේම කටුනායක ගුවන් තොටුපළේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා මඟින් මේ සම්බන්ධයෙන් සියලු ශ්‍රමිකයින් පරීක්ෂණයට ලක් කරනවා. එතැනදී මොනවා හරි ප්‍රශ්න, ගැටලු තිබෙනවා නම් ඔවුන්ව කාර්යාංශයට යොමු කරන තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි මේ සම්බන්ධව අභ්‍යන්තර විගණන නිතරම පවත්වනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks