E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0945/2026: Disposal of Lands owned by Land Reform Commission

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ‘බැහැර නොකරන ලෙස’ දන්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු විසින් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරන ලද දිනය කවරේද;

(ii) එම ලිපිය ලැබීමෙන් පසුවද ඉඩම් බැහැර කර ඇති බව දන්නේද;

(iii) එසේ නම්, එම බැහැර කොට ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iv) එලෙස ඉඩම් බැහැර කිරීමට හේතුව කවරේද;

(v) එම ඉඩම් ලබාදී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;

(vi) කොමිෂන් සභාව සතු ඉඩම් නිසි නියාමනයකට ලක්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks