E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

0944/2026: විදෙස් රටවල ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද සඳහා දායක වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ මුදල්: නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මේ වනවිට විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව එක් එක්  රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම ශ්‍රමිකයින් අතරින්, අදාළ රටවල ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේදවලට දායක වන පිරිස කොපමණද;

(iii) ඔවුන් සේවා කාලය නිමකර මෙරටට ආපසු පැමිණීමේදී, එම මුදල් නැවත ලබා ගැනීම පිළිබඳව ගැටලු මතුවී ඇති බව දන්නේද;

(iv) එසේ නම්, එම ගැටලු විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2026.06.19 දින වනවිට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රැකියා හා සුබසාධන අංශ ක්‍රියාත්මක වන රටවල්හි විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව, පහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා.

අනු අංක

රට

සංඛ්‍යාව

1

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

350,000

2

බහරේනය

  11,495

3

සයිප්‍රසය

    9,718

4

ඊශ්‍රායලය

  31,574

5

ජෝර්දානය

  10,669

6

කුවේට් රාජ්‍යය

175,000

7

ලෙබනනය

    4,519

8

මැලේසියාව

    5,900

9

මාලදිවයින

  21,911

10

ඕමානය

  25,042

11

කටාර් රාජ්‍යය

140,000

12

සෞදි අරාබිය

248,000

13

සිංගප්පූරුව

   11,791

14

දකුණු කොරියාව

   31,044

එකතුව

1,076,663

 

 

 

 

 

 

 

 

 

 

දළ වශයෙන් ගත්තොත්, 1,076,663ක් ලියාපදිංචි ශ්‍රමිකයන් විධියට අපි හඳුනා ගන්නවා. ඒ වාගේම, 185,765ක් අපේ labour section නැති රටවල ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒක තමයි සමස්ත සංඛ්‍යාව විධියට අපි දකින්නේ.

(ii) සමාජ ආරක්ෂණ ක්‍රමවේදය - social security systems - තිබෙන රටවල් විධියට අපි ගත්තොත්, සයිප්‍රසය, ජෝර්දානය, මැලේසියාව, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය වාගේ රටවල්වල තිබෙනවා. ඒ වාගේම තමයි සමහර රටවල්වල විශේෂයක් විධියට විදේශ ශ්‍රමිකයන්ටම අදාළ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නැහැ. නමුත්, ඒ රටේ තිබෙන domestic ක්‍රමවේදයත් එක්ක බද්ධ වෙලා තිබෙනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. එතැනදී ගත්තොත්, දකුණු කොරියාවේ තිබෙනවා, National Pension Service කියලා scheme එකක්. ඒ වාගේම, National Health Insurance කියලා තව එකක් තිබෙනවා. එතැනදී  National Pension Service කියන කාණ්ඩය යටතේ 23,999ක්, ඒ වාගේම National Health Insurance කාණ්ඩය යටතේ 31,444ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වාගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ලෙබනන්, මාලදිවයින වාගේ රටවල් ගත්තොත්, විදේශ ශ්‍රමිකයන්ට අදාළ වෙනම dedicated social security schemes නැති රටවල් විධියට තමයි අපි හඳුනා ගන්නේ.

(iii) ඔව්, මෙතැන ප්‍රශ්න, ගැටලු තිබෙන බව අපි දන්නවා.

(iv)  මෙතැනදී ක්‍රමවේද දෙකක් අපි අනුගමනය කරනවා. එකක් තමයි, අපි case-by-case handle කරන ක්‍රමවේද තිබෙනවා; එක එක පුද්ගලයන්ට අදාළව විශේෂ ප්‍රශ්න මතු වනකොට ඒකට අදාළ කරන තානාපති සේවය හරහා අපි ලබාදෙන විසඳුම් තිබෙනවා. විශේෂයෙන්ම පරිවර්තන සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වාගේම එයාලාගේ job contractsවල මතු වන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වාගේ දේවල්වලට අදාළ මැදිහත්වීම් අපි කරනවා.  සමහර රටවල් ගත්තොත් policy එකක් විධියට, විශේෂයෙන්ම සයිප්‍රසය වාගේ රටක් ගත්තොත් යම් කිසි ප්‍රතිපත්තිමය කරුණු කාරණා නිසා එවැනි තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ කියන්නේ, ලැබෙනවා නම්  ඒකට සමත් සියලුදෙනාට ලැබෙන්න ඕනෑ, එහෙම නැත්නම් කාටවත් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි උදා වෙලා තිබුණේ. ඒ වාගේ දේවල් සම්බන්ධයෙන් අපි රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වනවා.

ඒකට eligible කාණ්ඩය ගත්තොත්, මේ වන විටත් සමහර අයට ලැබී තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

(ආ) අදාළ නොවේ.  

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks