පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
918/2025
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)
(අ) (i) ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අනුමත ව්‍යාපෘති පිළිබඳ විස්තර කවරේද;
(ii) ඉහත එක් එක් ව්‍යාපෘති හඳුනාගෙන අනුමත කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රියාවලිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත ව්‍යාපෘති හඳුනාගැනීමේ ක්‍රියාවලියේදී අදාළ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් විමසන ලද්දේද;
(iv) එසේ නම්, අදහස් ලබාගන්නා ලද පුද්ගලයින්ගේ/අස්ථිත්වයන්ගේ නම් සහ අනෙකුත් අදාළ තොරතුරු කවරේද?
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇස්තමේන්තුගත පිරිවැය සහිතව, ව්‍යාපෘති 33ක ලැයිස්තුවක් ඇමුණුම මඟින් දක්වා ඇත.
(ii) නැඟෙනහිර පළාතේ සමාජ ආර්ථික තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන්, 2023 වර්ෂයේ දී නැඟෙනහිර පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් ව්‍යාපෘති යෝජනා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය (HCI) වෙත ඉදිරිපත් කරන ලදී.
(iii) ඔව්, පවතින වාර්තාවලට අනුව මෙම මූල්‍ය සහාය යටතේ අනුමත උප ව්‍යාපෘති ඒ ඒ අංශවල අවශ්‍යතා සලකා බලා, ප්‍රාදේශීය මට්ටමේ නිලධාරින් ඇතුළු අදාළ අංශවල අදාළ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් විමසීමෙන් අනතුරුව අදාළ පළාත් දෙපාර්තමේන්තු විසින්ම විශේෂයෙන් හඳුනාගෙන, අදාළ පළාත් ආයතන විසින් ඉදිරිපත් කර ඇත.
(iv) පවතින වාර්තාවලට අනුව ඉහත ව්‍යාපෘති යෝජනා හඳුනා ගැනීම සඳහා පහත සඳහන් පාර්ශ්වකරුවන්ගේ රැස්වීම් පළාත් මට්ටමින් පවත්වා ඇත.
- ප්‍රධාන ලේකම්
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් - සැලසුම්
- පළාත් අමාත්‍යාංශවල ලේකම්වරු
- අධ්‍යාපන, සෞඛ්‍ය, සත්ත්ව නිෂ්පාදන සහ ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රවල පළාත් අධ්‍යක්ෂවරු
- පරිවාස හා ළමා ආරක්ෂක සේවා, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රවල පළාත් කොමසාරිස්වරු
- අධ්‍යක්ෂ, ධීවර ඒකකය
- සැලසුම් අධ්‍යක්ෂවරු සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරු
- ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය, නැඟෙනහිර පළාත් සභාව
- පළාත් අධ්‍යක්ෂ, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, නැඟෙනහිර පළාත් සභාව
- පළාත් අධ්‍යක්ෂ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නැඟෙනහිර පළාත් සභාව
- නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරු - අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය
- කොමසාරිස්, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, නැඟෙනහිර පළාත් සභාව
- සහකාර කොමසාරිස්, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය
- අධ්‍යක්ෂ - ධීවර, නැඟෙනහිර පළාත් සභාව
- සංවර්ධන නිලධාරින්, ධීවර ඒකක හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks