පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
913/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් පත් කර තිබේද;
(ii) එසේ නම්, මේ වනවිට සේවයේ යෙදී සිටින කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන් අයත් වන දෙපාර්තමේන්තුව කවරේද;
(iv) ඔවුන්ගේ ආසන්නතම ඉහළ නිලධාරියාගේ තනතුර කවරේද;
(v) ඔවුන්ගේ ප්‍රධාන රාජකාරි වගකීම් කවරේද;
(vi) ඔවුන්ට රාජකාරි ලැයිස්තුවක් ලබාදී තිබේද;
(vii) ඔවුන්ට මේ වනවිට පවරා ඇති පර්යේෂණ කටයුතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සම්බන්ධයෙන් කාර්ය සාධන සමාලෝචන සිදු කරන්නේද;
(ii) ඔවුන්ගේ සේවය මඟින් පසුගිය වර්ෂවල කෘෂිකර්මාන්තය ලබා ඇති ප්‍රගතිය කවරේද;
(iii) ක්ෂේත්‍රයේ ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ඔවුන් නිරන්තර ක්ෂේත්‍ර පරීක්ෂාවල යෙදවීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දිවයිනේ ග්‍රාම නිලධාරි වසම් එකක් හෝ කිහිපයක් ඇතුළත් වන පරිදි කෘ.ප.නි.ස. වසම් නිර්ණය කර පිහිටුවා ඇති අතර, උතුර හා නැඟෙනහිර පළාත් හැර අනෙකුත් පළාත්වල පිහිටුවා ඇති සෑම කෘ.ප.නි.ස. වසමක්ම නියෝජනය කරමින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් අනුයුක්ත කර ඇත. එනමුත් පවතින නිලධාරි හිඟය හේතුවෙන් උතුරු හා නැඟෙනහිර පළාත්වල සීමිත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් පිරිසක් පමණක් සේවය කරනු ලැබේ.
(ii) 2025.12.31 දිනට දිස්ත්‍රික්ක 25හි සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක්
(iii) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව.
(iv) ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානි, "ගොවිජන සංවර්ධන නිලධාරි"- [බාධා කිරීමක්]
(v) 2013.07.25 දින අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් වෙත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ විධිවිධාන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම් ඇතුළු අනෙකුත් රාජකාරි පවරා ඇත. එම විස්තර ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
(vi) 2013.07.25 දින අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් වෙත රාජකාරි ලැයිස්තුවක් ලබා දී ඇත. ඒකට අදාළ දීර්ඝ පිළිතුර ඇමුණුම 02හි තිබෙනවා, ගරු මන්ත්‍රීතුමියනි.
(vii) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් පර්යේෂණ කටයුතු පවරා නොමැත.
(ආ) (i) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ කාර්යසාධන ඇගයීමේදී ඇමුණුම 03 මඟින් දක්වා ඇති ආකාරයට කාර්යසාධන වාර්තාව අදාළ කර ගන්නා ලෙසත්, ඔවුන්ගේ කාර්යසාධන ඇගයීමේ දී ඇමුණුම් 04හි සඳහන් ක්‍රම අනුගමනය කරන ලෙසත් සියලු දිස්ත්‍රික් කාර්යාල දැනුවත් කර ඇත. ඇමුණුම 3 සහ 4 යටතේත් දීර්ඝ විස්තරයක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමියනි.
01 සිට 04 දක්වා ඇමුණුම් සභාගත* කරමි.
(ii) දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් මට්ටමින් දත්ත හා තොරතුරු රැස් කිරීම සහ ක්ෂේත්‍ර මට්ටමින් අවශ්‍යතාව පරිදි ඒ ඒ ව්‍යාපෘතිවලට අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.
(iii) ඔව්.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2026-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks