පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
912/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) පළපුරුද්ද සහ කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2020/2021 (2022) විභාගයක් පවත්වන ලද බව දන්නේද;
(ii) එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම විභාගයේ ප්‍රතිඵල මත විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු කැඳවා තිබේද;
(iv) පත්වීම් ලබා දීම සඳහා විභාගය සමත් අයට සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
(vi) සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අපේක්ෂකයන් සංඛ්‍යාව කොපමණද;
(vii) එම සම්මුඛ පරීක්ෂණයට අදාළ නිර්ණායක කවරේද;
(viii) සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි එක් එක් අපේක්ෂකයා ලබා ගත් ලකුණු වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විභාග ප්‍රතිඵල මත, තොරතුරු කැඳවීම් මත සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත තෝරා ගත් පිරිසකට පත්වීම් ලබා දුන්නේද;
(ii) එසේ නම්, එම පත්වීම් ලබා දුන් දිනය කවරේද;
(iii) ලබා දුන් පත්වීම් සංඛ්‍යාව කොපමණද;
(iv) විශ්‍රාමිකයන්ටද පත්වීම් ලබාදී තිබේද;
(v) එසේ නම්, ඔවුන්ගේ නම් කවරේද;
(vi) විශ්‍රාමිකයන්ට පත්වීම් ලබා දීමට හේතු කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-05
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) සේවා පළපුරුද්ද සහ කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2020/2021 (2022) විභාගයට අයදුම්කරුවන් 625 දෙනෙකු පෙනී සිට ඇත. එම අපේක්ෂකයන් අතුරින් එම විභාගය සමත් වූ 68 දෙනෙකුගේ තොරතුරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව, මෙම අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
(iii) ඔව්.
(iv) ඔව්. සේවා පළපුරුද්ද සහ කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අංක: 2231 දරන 2021.06.04 දිනැති ගැසට් නිවේදනය මඟින් පුරප්පාඩු 67ක් වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇති අතර ඒ අනුව ඉහළම සේවා පළපුරුද්ද සහිත තරග විභාගයේදී ඉහළම ලකුණු ලබාගත් නිලධාරින් 68 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇත.
(v) පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි මස 18 සහ 19 දෙදින තුළ ද, දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණය 2025.01.15 දින ද, පවත්වා ඇත.
(vi) පළමු වටයේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අපේක්ෂකයන් සංඛ්‍යාව 62
දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අපේක්ෂකයන් සංඛ්‍යාව 04
මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 68
(vii) අංක 2231 හා 2021.06.04 දිනැති බඳවා ගැනීම් ගැසට් නිවේදනය ප්‍රකාරව 8.2, 8.3 යන වගන්තිවල අදාළ නිර්ණායක සඳහන් කර ඇත. (ඇමුණුම 01)**
(viii) අංක 2231 හා 2021.06.04 දිනැති බඳවා ගැනීම් ගැසට් නිවේදනය අනුව 8.3.1හි සඳහන් කර ඇති පරිදි පවත්වන ලද සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයන් වෙත ලකුණු ලබා දීමක් සිදු කර නොමැත.
(ආ) (i) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් පුරප්පාඩු සංඛ්‍යාව අනුව සහ අදාළ විභාග ප්‍රතිඵල මත සහ සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් පරීක්ෂාව මත තෝරා ගන්නා ලද නිලධාරින් වෙත පත්වීම් ලබා දී ඇත.
(ii) සේවා පළපුරුද්ද සහ කුසලතා පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ තනතුර සඳහා 2022.03.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2024.07.03 දින 61 දෙනෙකු වෙත ද, 2025.03.03 දින 4 දෙනෙකු වෙත ද පත්වීම් ලබා දී ඇත.
(iii) 2024.07.03 දින පළමු වටය - 61
2025.03.03 දින දෙවන වටය - 04
මුළු බඳවා ගැනීම් සංඛ්‍යාව - 65
(iv) ඔව්. (මෙම පත්වීම් ලබා දී ඇත්තේ තරග විභාගය පවත්වන ලද දිනය වන 2022.03.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි බැවින්, එම දිනය වන විටත් සක්‍රිය සේවයේ නිරත වී සිටි නමුත් පත්වීම් පිරිනමන දිනය වන විට විශ්‍රාම ලබා සිටි නිලධාරි 06 දෙනෙකු වෙත ද පත්වීම් ලබා දී ඇත.)
(v) එම පත්වීම් ලබා දී ඇති විශ්‍රාමික නිලධාරින්ගේ ලේඛනය ඇමුණුම 02** යටතේ ඉදිරිපත් කරමි.
(vi) 2021 වර්ෂයේ මෙම තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවුවද එම වකවානුවේ රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන්පසුව රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම සම්බන්ධව නිකුත් කරන ලද චක්‍රලේඛ අනුව, එනම්, "2022 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම හා රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම" යන මැයෙන් භාණ්ඩාගාර ලේකම් විසින් 2021.12.21 දිනැතිව නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 03/2021හි 04.1.vi මඟින් සහ 2022.04.26 දිනැතිව "රාජ්‍ය වියදම් පාලනය කිරීම" මැයෙන් නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ 03/2022හි 03.vii වගන්තියේ විධිවිධාන අනුව නව බඳවා ගැනීම් අත්හිටුවන ලෙස හා කල් තබන ලෙස උපදෙස් ලබා දී තිබූ බැවින් ද, අංක PS/SB/Circular/10/2022 හා 2022.08.15 දිනැතිව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ චක්‍රලේඛය මඟින් ඉහත සඳහන් ජාතික අයවැය චක්‍රලේඛ 03/2022හි විධිවිධාන අනුව කටයුතු කළ යුතු බවට උපදෙස් ලබා දී තිබු බැවින් ද, අදාළ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාද විය. එවකට පැවති රජයේ ප්‍රතිපත්ති තීරණ අනුව මෙම බඳවා ගැනීම ප්‍රමාද වූ බැවින් විභාගය සමත් අයදුම්කරුවන්ගේ වයස විශ්‍රාම ගැන්වීමේ සීමාවට එළඹීම නොවැළැක්විය හැක. ඒ අනුව තරග විභාගය පවත්වන ලද දිනය වන 2022.03.26 දින වනවිටත් සක්‍රිය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියේ නිලධාරින් වෙත මෙම පත්වීම් ලබා දී ඇත්තේ තරග විභාගය පැවැත්වූ දින සිට වසර 02කට අධික කාලයක් ගතවීමෙන් පසුව බැවින්, ඇමුණුම 02 යටතේ නම් සඳහන් කර ඇති නිලධාරින් පත්වීම් ලබා දෙන අවස්ථාව වනවිට විශ්‍රාම ලබා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks