පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ වකුගඩු රෝහලක් තිබෙන බව දන්නේද;
(ii) එම රෝහලේ වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය සහ සුළු සේවක තනතුරුවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම රෝහල සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-21
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඇමුණුම මඟින් දක්වා ඇත. දීර්ඝ ඇමුණුමක් බැවින් එය සභාගත* කරමි.
මා එහි සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන්නම්. විශේෂඥ වෛද්‍යවරු 10ක් ඉන්න ඕනෑ; එයින් 9ක් ඉන්නවා; 1ක් පුරප්පාඩුයි. Medical officersලා 50ක් ඉන්න ඕනෑ; 46ක් ඉන්නවා; 4ක් පුරප්පාඩුයි. Nursesලා 110ක් ඉන්න ඕනෑ; 105ක් ඉන්නවා; 5ක් පුරප්පාඩුයි. ඒ වාගේම, සෞඛ්‍ය කාර්ය සහායකයින් 75ක් ඉන්න ඕනෑ; 50යි ඉන්නේ; 25ක් පුරප්පාඩුයි.
(iii) මෙම රෝහල සංවර්ධනය සඳහා ඉඩ කඩ ප්‍රමාණවත් නොවන බැවින්, පළාත් සභාව මඟින් පාලනය වන යාබද රෝහල් ඉඩමේ කොටසක් හා මෙම රෝහලේ ඉඩමේ කොටසක් ඒකාබද්ධ කර නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් විය.
2026 වර්ෂය තුළ ඒ සඳහා දළ ඇස්තමේන්තුව සකස් කර පළාත් සභාව සමඟ සාකච්ඡා කිරීමේදී, පළාත් සභා රෝහල සඳහාද ඉඩකඩ අවශ්‍ය බැවින් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ අතර, අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු පමණක් දැනට සිදු කරනු ලබනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks