01

E   |   த   |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

0908/2026: ශ්‍රී ලංකා පදනම් ආයතනය ස්ථාපිත කිරීම: අරමුණු

ගරු මුජිබුර් රහුමාන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා පදනම ආයතනය පිහිටුවීමේ අරමුණු කවරේද;

            (ii)       2015 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනයට රජය මඟින් ලබා දුන් ප්‍රතිපාදන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට මෙම ආයතනය, එහි ආරම්භක අරමුණුවලින් බැහැරවී, මුදල් උපයන ආයතනයක් බවට පත්වී තිබෙන බව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ශ්‍රී ලංකා පදනම ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම් පනත යටතේ ස්ථාපිත කර ඇති අතර, එම පනත ප්‍රකාරව පදනමේ අරමුණු හා පරමාර්ථ පහත පරිදි වේ.

  • ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමය පිළිබඳ අවබෝධය හා විශ්වාසය නඟාසිටුවීම හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
  • · එකී කරුණු වැඩිදියුණු කිරීම පිණිස ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම, වර්ණය හෝ ලබ්ධිය ගැන නොතකා සියල්ලන්ම සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් හා නන්වැදෑරුම් මූලික නිදහස පිළිපැදීමෙහිලා අන්තර්ජාතික අවබෝධය හා සහයෝගයද, ඒ පිළිබඳ විශ්ව ගෞරවයද නඟාසිටුවීම.
  • · ඒවා වැඩිදියුණු කිරීම අරභයා පොදු ජනයාට සියලු දැනීම විෂයයන් සහ සමාජ ප්‍රගතිය පිළිබඳ අධ්‍යාපනය හා දැනීම ලබා දීමටත්, ඔවුන් අතර ඒ දැනීම පතුරුවා හැරීමටත් ධෛර්යය දීම සහ ඒවා නඟාසිටුවීම.

(ii)

වසර

පුනරාවර්තන - ප්‍රතිපාදන (රුපියල්)

පුනරාවර්තන - තත්‍ය වියදම (රුපියල්)

මූලධන - ප්‍රතිපාදන (රුපියල්)

මූලධන - තත්‍ය වියදම (රුපියල්)

2015

38,000,000

38,000,000

40,000,000

35,225,000

2016

38,000,000

38,000,000

40,000,000

40,000,000

2017

38,000,000

38,000,000

42,000,000

27,500,000

2018

38,000,000

38,000,000

60,000,000

60,000,000

2019

40,000,000

40,000,000

60,000,000

54,000,000

2020

90,500,000

90,500,000

34,500,000

34,500,000

2021

99,000,000

99,000,000

100,000,000

42,171,000

2022

95,000,000

95,000,000

20,000,000

10,400,000

2023

125,000,000

125,000,000

-

-

2024

142,700,000

142,700,000

150,000,000

90,000,000

2025

160,000,000

135,700,000

-

-

2026

160,000,000

60,200,000

-

-

(iii) ශ්‍රී ලංකා පදනම් ආයතනය ආරම්භ කිරීමේ අරමුණු හා සමගාමීව විවිධ වැඩසටහන් පැවැත්වීම සිදු කෙරේ. අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව සම්බන්ධව එළඹි අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ශ්‍රී ලංකා පදනම මහා භාණ්ඩාගාරයට වැය බරකින් තොරව ස්වයං ආදායම මත යැපෙන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහා පියවර ගත යුතු බව දන්වා ඇත. ඒ අනුව දැනටමත් ආයතනය සතුව පවතින මානව හා ඌන උපයෝජිත භෞතික සම්පත් නිසි පරිදි උපයෝජනය කරමින් ආදායම් වර්ධනය කිරීමේ උපායමාර්ග කෙරෙහිද නැඹුරුතාවක් දක්වා ඇත. තවද, වත්මන් සමාජ, ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම් පනත සංශෝධනය කිරීම පිළිබඳව සලකා බලමින් පවතී.

(iv) ඉහත (iii) පරිදි වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks