E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

0907/2026: මෝදර, රජයේ මාතෘ රෝහල: ගොඩනැඟිලි සහ පහසුකම්

ගරු මුජිබුර් රහුමාන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මෝදර, රජමල්වත්ත රජයේ මාතෘ රෝහලේ ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්ත්වයක පවතින බව දන්නේද;

            (ii)       එම රෝහල් ගොඩනැගිලි සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෝදර මාතෘ මධ්‍යස්ථානය ගොඩනැඟිලි තුනකින් සමන්විතය.

1.      නව සායන ගොඩනැඟිල්ල

2.      පැරණි වාට්ටු ගොඩනැඟිල්ල

3.      පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය

                        මෙම පැරණි වාට්ටු පැවති ගොඩනැඟිල්ලේ සිවිලිම අබලන්ව පැවතීම නිසා අනතුරු සිදුවීමේ අවදානම ඉවත් කිරීමට අබලන් වූ සිවිලිම ගලවා ඉවත් කර තිබෙනවා. එසේම නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම් කටයුතු සිදුවන අවස්ථාවේ දී පැරණි වාට්ටු පැවති ගොඩනැඟිල්ලේ බිත්තිය ඉරිතලා ගොස් තිබෙනවා. මෙම හානි දෙකම අවදානම් සහගත තත්ත්වයක නොමැති බැවින් දැනට ගොඩනැඟිල්ල භාවිතයට ගනිමින් පවතිනවා.

(ii) එම හානි වූ කොටස් ප්‍රතිසංස්කරණය සඳහා 2027 වර්ෂයේ අයවැය යෝජනාව සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. 2026 වසරේ මේ කටයුතු සිදු වුණේ නැහැ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks