පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මීරාවෝඩෙයි රජයේ රෝහල දීර්ඝ කාලයක සිට සංවර්ධනය කර නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් එම රෝහලට පැමිණෙන රෝගීන් විශාල ලෙස අපහසුතාවයන්ට ලක්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම රෝහල සියලු පහසුකම් සහිත රෝහලක් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-21
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) මීරාවෝඩෙයි ප්‍රාදේශීය රෝහල දැනට 'B' වර්ගයේ ප්‍රාදේශීය රෝහලක් ලෙස ක්‍රියාත්මක වෙමින් ප්‍රදේශවාසින් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව සපයනු ලබයි. මෙම රෝහල වෙත දිනපතා සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයෙන් - OPD එකෙන් - රෝගීන් 160ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නා අතර, නේවාසිකව ඇතුළත් කරගන්නා සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව 3කි.
වාලච්චේනයි මූලික රෝහලේ සිට කිලෝමීටර 2.2ක් වැනි ආසන්න දුරකින් පිහිටා තිබුණද, ප්‍රදේශයේ ජනතාවට බාධාවකින් තොරව සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ ප්‍රමුඛ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම රෝහල B වර්ගයේ ප්‍රාදේශීය රෝහලක් ලෙස තවදුරටත් පවත්වාගෙන යනු ලබයි.
(ආ) (i), (ii) රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සංවර්ධන සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක වන අතර, ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය - PHSEP - යටතේ 2024 වසර සඳහා නියමිත ව්‍යාපෘති පහත පරිදි වේ.
1. පුරුෂ හා ස්ත්‍රී වාට්ටු අලුත්වැඩියා කිරීම, බාහිර රෝගී අංශය - OPD - ගොඩනැඟිල්ල වැඩිදියුණු කිරීම සහ මුළුතැන්ගෙය පුළුල් කර වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 11.5ක මුදලක් වෙන් කිරීම.
2. වෛද්‍ය නිල නිවාස වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2ක මුදලක් වෙන් කිරීම.
මීට අමතරව, මීරාවෝඩෙයි ප්‍රාදේශීය රෝහල 'B' වර්ගයේ ප්‍රාදේශීය රෝහලක් ලෙස පවත්වාගෙන යමින්, මහජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව ලබා දීම තහවුරු කිරීම උදෙසා අවශ්‍ය මානව සම්පත්, උපකරණ සහ යටිතල පහසුකම් පියවරෙන් පියවර සංවර්ධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks