01

E   |     |  

 දිනය: 2025-08-20   පිළිතුර ලබා දී ඇත 

0900/2025: නාගොඩ, මාතෘ හා ළමා රෝහල: කාර්ය මණ්ඩලය සහ යටිතල පහසුකම්

----

අසන ලද දිනය

2025-08-20

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දැනට ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලේ ළමා රෝග ඒකකය පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටී.

              (ii)      ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් පවතිනවා. තවදුරටත් ලබා දිය යුතුයි.

            (iii)      ළමා රෝග සායන මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර මාතෘ සායන ආරම්භ කිරීමට නියමිතය.

             (iv)      ඔව්.

(v) ඔව්.

(vi) රියදුරන් - 03

සහායකයින් - 02

(vii) දැනට සිටින රියදුරු සහායකයින් ප්‍රමාණවත් වේ.

(viii) ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී අවශ්‍යතා සලකා අනුයුක්ත කිරීම් සිදු කළ හැක.

 

(ආ)         (i)      ප්‍රමාණවත් කියන එක සාපේක්ෂයි. රසායනාගාර තාක්ෂණ පහසුකම් තිබෙනවා. ඒවාට තව දේවල් ලබා දිය යුතුයි.

              (ii)      ලබා දී තිබෙන දේවල් සුදුසු තත්ත්වයක පවතිනවා.

             (iii)      ඇමුණුම 01හි දක්වා ඇත.  එහි රෝහලෙන් රෝහල දක්වා තිබෙනවා, හිඟ උපකරණ මොනවාද කියලා. එය දීර්ඝ ඇමුණුමක්. එම නිසා ඇමුණුම 01 මම සභාගත* කරනවා.

ප්‍රසම්පාදනය කරනු ලබන වෛද්‍ය උපකරණ ලැයිස්තුව ඇමුණුම 02හි දක්වා ඇත.

 

    (iv) දැන් ක්‍රියාත්මක වන අය වැය යෝජනා අනුවත් රුපියල් බිලියන 27කට ආසන්න ප්‍රමාණයක් මේ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ නඩත්තුව සඳහා යොදවා තිබෙනවා.

(ඇ)     පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks