පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
900/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නාගොඩ, ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටින්නේද;
(ii) එම රෝහලට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සපයා තිබේද;
(iii) එහි ළමා සායනය සහ මාතෘ සායනය මේ වනවිට පවත්වන්නේද;
(iv) එම සායන සඳහා අවශ්‍ය රසායනාගාර තාක්ෂණ පහසුකම් සපයා තිබේද;
(v) එම රෝහලේ ප්‍රමාණවත් ගිලන් රථ සංඛ්‍යාවක් තිබේද;
(vi) එම ගිලන් රථ සඳහා අවශ්‍ය රියදුරන් සහ සහායකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vii) ගිලන් රථ සඳහා ප්‍රමාණවත් පරිදි රියදුරන් සහ සහායකයන් සිටින්නේද;
(viii) නොඑසේ නම්, එම තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ප්‍රමාණවත් පරිදි වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පහසුකම් තිබේද;
(ii) එම පහසුකම් භාවිතා කිරීමට සුදුසු තත්ත්වයක තිබේද;
(iii) රජයේ රෝහල් සඳහා හිඟව පවතින වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර කවරේද;
(iv) එම වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර අවශ්‍ය වන අංශ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලේ ළමා රෝග ඒකකය පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටී.
(ii) ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් පවතිනවා. තවදුරටත් ලබා දිය යුතුයි.
(iii) ළමා රෝග සායන මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර මාතෘ සායන ආරම්භ කිරීමට නියමිතය.
(iv) ඔව්.
(v) ඔව්.
(vi) රියදුරන් - 03
සහායකයින් - 02
(vii) දැනට සිටින රියදුරු සහායකයින් ප්‍රමාණවත් වේ.
(viii) ඉදිරි බඳවා ගැනීම් සිදු කිරීමේදී අවශ්‍යතා සලකා අනුයුක්ත කිරීම් සිදු කළ හැක.
(ආ) (i) ප්‍රමාණවත් කියන එක සාපේක්ෂයි. රසායනාගාර තාක්ෂණ පහසුකම් තිබෙනවා. ඒවාට තව දේවල් ලබා දිය යුතුයි.
(ii) ලබා දී තිබෙන දේවල් සුදුසු තත්ත්වයක පවතිනවා.
(iii) ඇමුණුම 01හි දක්වා ඇත. එහි රෝහලෙන් රෝහල දක්වා තිබෙනවා, හිඟ උපකරණ මොනවාද කියලා. එය දීර්ඝ ඇමුණුමක්. එම නිසා ඇමුණුම 01 මම සභාගත* කරනවා.
ප්‍රසම්පාදනය කරනු ලබන වෛද්‍ය උපකරණ ලැයිස්තුව ඇමුණුම 02හි දක්වා ඇත.
(iv) දැන් ක්‍රියාත්මක වන අය වැය යෝජනා අනුවත් රුපියල් බිලියන 27කට ආසන්න ප්‍රමාණයක් මේ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ නඩත්තුව සඳහා යොදවා තිබෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks