E   |     |  

 දිනය: 2026-06-26   පිළිතුර ලබා දී ඇත 

0895/2026: Apply for Land deeds by the people in Koralaipattu South, Kiran DSD, Batticaloa

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,—  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ)        (i)       ඉඩම් නොමැති පුද්ගලයන් විසින් ඉඩම් ලබා ගැනීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී කෝරළේපත්තු දකුණ, කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අයදුම් කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;‍

(iii) එම පුද්ගලයන්ට දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කෝරළේපත්තු දකුණ, කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පදිංචිවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට මේ දක්වා දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;‍

(iii) එම පුද්ගලයන්ට මේ දක්වා ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා නොදීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-06-26

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks