බලන්න

E   |     |  

 දිනය: 2026-06-24   පිළිතුර ලබා දී ඇත 

0888/2026: Offering of "Urumaya-land deeds" for the people in Eravurpattu, Chenkaladi DSD, Batticaloa

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,—  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ)        (i)       2019.01.01 සිට 2025.03.31 දක්වා එරාවුර්පත්තු, චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම්  කවරේද;

(ii) පැවති රජයේ විශේෂ වැඩසටහනක් යටතේ එම පුද්ගලයන්ට ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබාදී තිබේද;

(iii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(iv) ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද ඉහත පුද්ගලයන් අතරින් ඇතැම් පුද්ගලයන්ට එම ඔප්පු ලබාදී නොමැති බව දන්නේද:

(v) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(vi) ඔවුන්ට මේ දක්වා ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-06-24

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks