බලන්න

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0885/2026: People who don't have land deeds in Koralaipattu,Valaichenai DSD, Batticaloa

  885/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,—  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      රජය විසින් පිරිනමනු ලබන ‘දීමනා පත්‍ර’ හෝ ‘ඉඩම් බලපත්‍ර’ නොමැතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරළේපත්තුව, වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පුද්ගලයන් පදිංචිවී සිටින බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයින්ගේ සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම රජයේ ඉඩම්වලින් ඉහත පුද්ගලයන් නිත්‍යානුකූලව ඉවත්කිරීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද; 

(v) අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නඩු පැවරූ පුද්ගලයන් අතරින් ඉහත කාලසීමාවේදී අධිකරණ නියෝග මත රජයේ ඉඩම්වලින් ඉවත්කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

  (vi) නඩු පැවරිය යුතු එහෙත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නඩු නොපවරන ලද පුද්ගලයන් සිටීද;

(vii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද; 

(viii) කිහිපදෙනෙකුට එරෙහිව පමණක් නඩු පැවරීමටත්, වැඩි පිරිසකට එරෙහිව නඩු නොපැවරීමටත් හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-05-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks