පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
884/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019.01.01 සිට 2025.03.31 දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේපත්තුව, වාලච්චේනෛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(ii) පැවති රජයේ විශේෂ වැඩසටහනක් යටතේ ඉහත කාලය තුළ එම පුද්ගලයන්ට ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබාදී තිබේද;
(iii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(iv) ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද ඉහත පුද්ගලයන් අතරින් සමහර පුද්ගලයන්ට එම ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;
(v) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(vi) ඔවුන්ට මේ දක්වා ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-04-07
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුද්ගලයින් 439කි. විස්තර ඇමුණුම A** යටතේ දක්වා ඇත.
(ii) ඔව්.
(iii) පුද්ගලයින් 13කි. විස්තර ඇමුණුම B** යටතේ දක්වා ඇත.
(iv) ඔව්.
(v) පුද්ගලයින් 426කි. විස්තර ඇමුණුම C** යටතේ දක්වා ඇත.
(vi) උරුමය වැඩසටහන ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබීම හේතුවෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට යම් ප්‍රමාදයක් සිදු වුවද මේ වනවිට එම වැඩසටහන 2025/2 චක්‍රලේඛය යටතේ හිමිකම නමින් ආරම්භ කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks