පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) ඉඩම් නොමැති පුද්ගලයන් විසින් ඉඩම් ලබා ගැනීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී කෝරළේපත්තුව, වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අයදුම් කර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(iii) එම පුද්ගලයන්ට දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී තිබේද;
(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කෝරළේපත්තුව, වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පදිංචිවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට මේ දක්වා දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී නොමැති බව දන්නේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(iii) එම පුද්ගලයන්ට මේ දක්වා ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා නොදීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-20
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) පුද්ගලයින් 439
(iii) ඔව්. බලපත්‍ර 125යි - දීමනා පත්‍ර 229යි.
(iv) ඇමුණුම 01හි** දක්වා ඇත.
(ආ) (i) ඔව්.
(ii) පුද්ගලයින් 426යි. ඇමුණුම 02හි** දක්වා ඇත.
(iii) එම පුද්ගලයන් අයදුම් කරන්නේ නම් චක්‍රලේඛ අංක 2008/4 ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks