01

E   |     |  

 දිනය: 2025-09-12   පිළිතුර ලබා දී ඇත 

0879/2025: මන්මුනෙයි පත්තු ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩම්වල පදිංචිකරුවන්: දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදීම

879/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් නොමැති පුද්ගලයන් විසින් ඉඩම් ලබා ගැනීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට දීමනා ඔප්පු (Deed of Grant) හෝ ඉඩම් බලපත්‍ර (Land   permit) ලබාදී තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ආ) (i) මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පදිංචිවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට මේ දක්වා දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබාදී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට මේ දක්වා ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා නොදීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-12

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      ඔව්.

              (ii)      ඇමුණුම 01හි සඳහන් වේ. දීර්ඝ ඇමුණුමක් වන බැවින් මා එය සභාගත* කරනවා.

            (iii)      නැත.

             (iv)      අදාළ නොවේ.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඇමුණුම 02 යටතේ පහත පරිදි දක්වා ඇත.

 

(iii)     •     රජයේ ඉඩම් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලද පුද්ගලයන් අතරින් යම් පිරිසක් ඉඩම් කච්චේරි සඳහා සහභාගි නොවීම.

           •     පර්චස් 8කට අඩු ඉඩම්වල පදිංචි ඉල්ලුම්කරුවන් ප්‍රතික්ෂේප වීම.

           •     ඉඩම් ආරාවුල් පවතින රජයේ ඉඩම්වලට එම ආරාවුල් නිරාකරණය නොකර බලපත්‍ර ලබා දීමට නොහැකි වීම.

(ඇ)        අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks