පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
878/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති රජයේ ඉඩම් සඳහා 2017.01.01 සිට 2025.03.31 දක්වා කාලවකවානුව තුළ රජයේ ‘දීමනා පත්‍ර’ හෝ ‘ඉඩම් බලපත්‍ර’ ලබාදුන් ඉඩම්වල ජනතාව පදිංචි වී සිටින බව දන්නේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් සහ අදාළ තොරතුරු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-05
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2017.01.01 සිට 2025.03.31 දක්වා වූ කාලවකවානුව තුළ රජයේ ඉඩම් සඳහා ලබා දුන් දීමනා පත්‍ර ඉඩම්වල පදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය ඇමුණුම I ලෙස ඉදිරිපත් කරනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2017.01.01 සිට 2025.03.31 දක්වා වූ කාලවකවානුව තුළ රජයේ ඉඩම් සඳහා ලබා දුන් බලපත්‍ර ඉඩම්වල පදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය ඇමුණුම II ලෙස ඉදිරිපත් කරමි.
දීර්ඝ පිලිතුරක් සහිත ඇමුණුම II සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks