පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
876/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019.01.01 සිට 2025.03.31 දක්වා මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(ii) පැවති රජයේ විශේෂ වැඩසටහනක් යටතේ ඉහත කාලය තුළ එම පුද්ගලයන්ට ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා දී තිබේද;
(iii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(iv) ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද පුද්ගලයන් අතරින් සමහර පුද්ගලයන්ට එම ඔප්පු ලබා දී නොමැති බව දන්නේද;
(v) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
(vi) ඔවුන්ට මේ දක්වා ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-08
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුද්ගලයන් සංඛ්‍යාව 64යි. ඔවුන්ගේ නාම ලේඛනය ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරනවා.
(ii) ඔව්.
(iii) පැවති රජය යටතේ e-SLIMS පද්ධතිය හරහා පුද්ගලයින් හතරදෙනෙකුට අදාළව නිදහස් දීමනා පත්‍ර මුද්‍රණය කර ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු සඳහා අදාළ දීමනා පත්‍ර වැඩ නිමකර ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇත. ඉතිරි දීමනා පත්‍ර දෙක දැනට තිබෙනවා. ඒ කට්ටියගේ නම් දීලා තිබෙනවා.
(iv) ඔව්.
(v) එම පුද්ගලයින් සංඛ්‍යාව 60යි. එම පුද්ගලයින්ගේ නාම ලේඛනය ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරනවා.
(vi) "උරුමය" වැඩසටහන සම්බන්ධයෙන් නෛතික ගැටලු කිහිපයක් හා සමාජයීය සහ වෙනත් ගැටලු කිහිපයක් නිරීක්ෂණය වෙච්ච නිසා අපේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිතුමාගේ කැබිනට් පත්‍රිකාව අනුව කැබිනට් මණ්ඩලය විසින් විද්වත් කමිටුවක් පත් කළා; "උරුමය" වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විද්වත් කමිටුවක් පත් කළා. එම කමිටුවේ වාර්තාව දැන් ඇවිත් තිබෙනවා. ඒක අපි සාකච්ඡාවට භාජන කරලා තිබෙනවා. ඒක දැන් කැබිනට් පත්‍රිකාවක් විධියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයෙන් තමයි අන්තිම decision එක ගන්නේ, "උරුමය" වැඩසටහන සමාලෝචනය කළ යුතුද, නැද්ද කියලා. ඒ වාගේම, එම වැඩසටහන යටතේ දැනට applications ඇවිත් තිබෙන කට්ටියට ඔප්පු ලබා දෙන්න අපි කටයුතු කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks