පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
870/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;
(iii) එම සභාව යටතේ ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;
(iv) එම ආයතන කවරේද;
(v) ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(vi) එම පුහුණු මධ්‍යස්ථාන මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා ජාතික තරුණ සේවා සභාවට අයත් ආයතනවල අලුතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගොඩනැගිලි අතරින් සමහර ගොඩනැගිලිවල මේ වනතෙක් වැඩ අවසන් කර නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, එම ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1968 ඔක්තෝබර් මස 11 දින ජාතික තරුණ සේවා සභාව ආරම්භ කර ඇත.
(ii) 1968 අංක 52 පනතට අනුව එහි සංශෝධන පනත වන 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා සභා පනතෙහි අරමුණු 14ක් සඳහන්ව ඇති අතර, එම අරමුණු පහත පරිදි වේ.
1. ජාතික හැඟීම පිළිබඳ උද්‍යෝගයක්, විනය පිළිබඳ හැඟීමක්, සමාජ සහ ආර්ථික ගැටලු පිළිබඳ අවබෝධයක් සහ ශ්‍රමාභිමානය පිළිබඳ හැඟීමක් තරුණයන් අතර පෝෂණය කිරීම.
2. ජාතික සංවර්ධන යෝජනා ක්‍රමයන්හි තරුණයන්ගේ සහභාගීත්වය ඇති කර ගැනීම.
3. ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල තරුණ තරුණියන් අතර සුහදතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම.
4. තරුණයන් අතර තරගකාරීත්වය සහ ජයග්‍රහණය පිළිබඳව හැඟීම් සඳහා දිරිගැන්වීම.
5. තරුණයින්ගේ දැනුම පුළුල් කිරීම සහ සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන්හි පුහුණුවීම් ලබාදීම.
6. තරුණයන් අතර සංස්කෘතික, සාහිත්‍යමය සහ කලාත්මක ක්‍රියාකාරකම් සඳහා දිරිගැන්විම.
7. තරුණයන් අතර ශාරීරික ප්‍රාගුණ්‍ය සහ ක්‍රීඩා වර්ධනය සඳහා දිරිගැන්වීම.
8. තරුණයන් සඳහා විනෝද කටයුතු සහ විනෝද සැපයුම් පිළිබඳ පහසුකම් සැලසීම.
9. බාධිත තරුණයන්ට සහාය වීම.
10. රාජ්‍යයේ ආර්ථික සැකසුම ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව, දීර්ඝකාලීන ප්‍රතිපත්ති පදනමක් මත ඵලදායී ලෙස අරමුදල් ආයෝජනය කිරීමෙන් තරුණයන් සඳහා ක්‍රමික සේවා නියුක්තිය සඳහා අවස්ථාව සැලසීම.
11. ප්‍රතිපත්ති සැකසීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී තරුණයන්ගේ සහභාගීත්වය සඳහා අවස්ථාව සැලසීම.
12. තරුණ සංවිධාන පිහිටුවීම සහ තරුණ සුබසාධනය සඳහා දැනටමත් පිහිටුවා ඇති සංවිධානවලට සහාය වීම.
13. තරුණ සේවා ව්‍යාප්තිය සැලසුම් කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මෙහෙයවීම.
14. එක් එක් තරුණයින්ගේ ආවේණික ලක්ෂණ වර්ධනය කිරීම.
(iii) 04කි.
(iv) 1. සී/ස තරුණ සේවා සමාගම
2. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය
3. තරුණ සේවා ක්‍රීඩා සමාජය
4. නිස්කෝ තරුණ සමුපකාර සමිති සංගමය
(v) 61කි.
(vi) ඉහත මධ්‍යස්ථාන 61 ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.
(ආ) (i) අලුතින් ආරම්භ කරන ලද ඉදි කිරීම් නොමැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-09-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks