පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
869/2025
ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද අවස්ථාවේ, එම කොමිෂන් සභාවට පවරා දෙන ලද දකුණු පළාතේ ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ඉඩම් අතරින් මේ වනවිට පුද්ගලික අයිතියට පවරා දී ඇති අක්කර 50ට අඩු ඉඩම් සංඛ්‍යාව, එම එක් එක් ඉඩමේ විශාලත්වය, ඉඩම පවරා දී ඇති පුද්ගලයාගේ නම සහ ඉඩම පවරා දී ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහාද නැතහොත් ව්‍යාපාරික කටයුතු සඳහාද යන්න එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනතෙක් පවරා හෝ බැහැර කර නොමැති ඉඩම්වල නම් හා ඒවායේ විශාලත්වය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම ඉඩම් අතරින් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින ඉඩම් කවරේද;
(v) නව ව්‍යාපෘති සඳහා ඉල්ලා ඇති ඉඩම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-03
අසන ලද්දේ
ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමුණුම 1හි දක්වා ඇත.
(ii) ඇමුණුම 2හි දක්වා ඇත.
(iii) ඇමුණුම 3හි දක්වා ඇත.
(iv) ඇමුණුම 4හි දක්වා ඇත.
(v) ඇමුණුම 5හි දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
දීර්ඝ පිළිතුරු සහිත ඇමුණුම් 1 සිට 5 දක්වා සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks