පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
864/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය සඳහා කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(ii) එම අමු තේ දළු, නිමි තේ ලෙස නිෂ්පාදනය කිරීමේදී, වැදගත් කාර්යයක් තේ කර්මාන්තශාලා තුළ දී ඉටු කරනු ලබන බව පිළිගන්නේද;
(iii) ශ්‍රී ලංකාවේ ඇති ලියාපදිංචි තේ කර්මාන්තශාලා සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත කර්මාන්තශාලා, අදාළ භූමිය තුළ භෞතිකව සත්‍ය වශයෙන්ම පිහිටා ඇති බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඒ බව ස්ථානීය පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගෙන තිබේද,
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(vii) කවර හෝ හේතුවක් මත, ඉහත තේ කර්මාන්තශාලා/කර්මාන්තශාලාවක් මේ වනවිට නිමි තේ නිෂ්පාදනයෙන් බැහැර වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-18
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සමස්ත තේ නිෂ්පාදනය සඳහා කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය සියයට 75ක් පමණ වේ.
(ii) ඔව්.
(iii)
|
|
දිස්ත්‍රික්කය |
ලියාපදිංචි තේ කර්මාන්තශාලා සංඛ්‍යාව |
වර්තමානය වන විට තේ නිෂ්පාදනය සිදු කරන කර්මාන්තශාලා සංඛ්‍යාව (2015) |
|
01. |
බදුල්ල |
62 |
57 |
|
02. |
කොළඹ |
02 |
01 |
|
03. |
ගාල්ල |
116 |
101 |
|
04. |
හම්බන්තොට |
01 |
01 |
|
05. |
කළුතර |
34 |
29 |
|
06. |
මහනුවර |
88 |
73 |
|
07. |
කෑගල්ල |
24 |
18 |
|
08. |
මාතලේ |
06 |
06 |
|
09. |
මාතර |
96 |
79 |
|
10. |
මොනරාගල |
00 |
00 |
|
11. |
නුවරඑළිය |
129 |
116 |
|
12. |
රත්නපුර |
104 |
86 |
|
|
මුළු එකතුව |
662 |
567 |
(iv) ඔව්.
(v) ඔව්. නව තේ කර්මාන්තශාලා ලියාපදිංචිය, අක්‍රිය තේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමේදී හා තේ කර්මාන්තශාලා ලියාපදිංචිය අලුත් කිරීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ලියාපදිංචිය ලබා දීම හෝ අලුත් කිරීම සිදු කරයි. තවද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් විසින් සෑම තේ කර්මාන්තශාලාවක්ම මාසිකව පරීක්ෂා කර තේ කර්මාන්තශාලාවල තේ නිෂ්පාදනය, නිෂ්පාදන ක්‍රමවේද සහ සාධාරණ මිල සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීම සිදු කරයි.
(vi) අදාළ නොවේ.
(vii) ඔව්. සක්‍රියව පවතින තේ කර්මාන්තශාලා පහත සඳහන් අවස්ථාවලදී තේ නිෂ්පාදනයෙන් බැහැරවීම හඳුනාගෙන ඇත.
(1) දුර්වල කළමනාකාරීත්වය හේතුවෙන් කර්මාන්තශාලා කෙටි කාලීනව නිෂ්පාදනයෙන් බැහැරවීම හඳුනාගෙන ඇත.
(2) ප්‍රමාණවත් දලු ලබා ගැනීමට නොහැකි වීම හා කළමනාකරණ තීරණ මත කර්මාන්තශාලා වසා දැමීම.
(3) අයිතිය සම්බන්ධ ගැටලු මත තේ නිෂ්පාදනයෙන් බැහැර වීම.
(4) ස්වාභාවික ආපදා හා පාරිසරික ගැටලු හේතුවෙන් තේ නිෂ්පාදනයෙන් බැහැර වීම.
(5) තේ පාලන පනත උල්ලංඝනය වන ආකාරයෙන්ම ක්‍රියා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් කර්මාන්තශාලාවන්හි තේ නිෂ්පාදනය නිශ්චිත කාලයකට යටත්ව අත්හිටුවීම.
ඉහත හේතූන් මත වසා දැමෙන කම්හල් නැවත වරක් විවෘත කිරීම සිදුවන අතර, සමහර අවස්ථාවන්හිදී එම කම්හල් ස්ථීර වශයෙන්ම තේ නිෂ්පාදනයෙන් බැහැර වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks