පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-23
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ලංකා පොස්පේට් සමාගම විසින් රොක් පොස්පේට් අපනයනය කර නැහැ, ගරු මන්ත්‍රීතුමනි. නමුත්, අපනයනය සඳහා එප්පාවල රොක් පොස්පේට් මිලදී ගෙන දේශීය සමාගම් 03කට 2023 හා 2024 වර්ෂවලදී රොක් පොස්පේට් මෙට්‍රික්ටොන් 29,882.05ක් අළෙවි කර තිබෙනවා.
මේ අවුරුදු දෙක ඇතුළත මෙට්‍රික්ටොන් 29,800ක් අපනයනය කරන්න ලබා දීලා තිබෙනවා ආයතන තුනකට. ඒවා තමයි, D.M. Traders, No. 46, Niwanthidiya, Piliyandala; Disaru International Engineering Company (Pvt.) Limited, Gangasiripura, Tissamaharamaya and Ichiban (Pvt.) Limited, Piliyandala. ඒ ආයතන තුනට තමයි දීලා තිබෙන්නේ.
(ii) අපනයනය සඳහා පොස්පේට් අළෙවි කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR 301/2023 දරන නඩුව විභාග වන බැවින් මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැත.
(iii) පොස්පේට් අපනයනය කර ඇති සමාගම් තුන තෝරා ගැනීමේදී ලංකා පොස්පේට් සමාගම විසින් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නැත.
(iv) ලංකා පොස්පේට් සමාගමේ 340වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එවකට ලංකා පොස්පේට් සමාගමේ සිටි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් උපදෙස් දීලා තිබෙනවා ප්‍රසම්පාදන ක්‍රමවේදයට පිටින් මේ දෙය ලබා දෙන්න. ඉතින්, මේ හොරකම්වලට උත්තර තමයි මේ කියැවෙන්නේ. එතකොට තමයි මේ කෑගහන්නේ.
(v) මේවා ලබා දී තිබෙනවා ආයතන 3කට. D.M. Traders, No. 46, Niwanthidiya, Piliyandala; Disaru International Engineering Company (Pvt.) Limited, Gangasiripura, Tissamaharamaya සහ Ichiban (Pvt.) Limited, Piliyandala කියන සමාගම් තුනට තමයි මේ අයිතිය ලබා දී තිබෙන්නේ.
(vi) එවකට සිටි ලංකා පොස්පේට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා, මෙට්‍රික්ටොන් 30,000ක් අපනයනය සඳහා අළෙවි කිරීමට. ඒකෙන් 29,000ක් තමයි ලබා දී තිබෙන්නේ.
(vii) මේවායින් එක සමාගමක් තමන්ගේ quota එක අබිබවා අපනයනය කර තිබෙනවා, ලබා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ D.M. Traders කියන සමාගමට මෙට්‍රික්ටොන් 10,000යි දිය යුතුව තිබෙන්නේ. නමුත්, ඒගොල්ලන් මෙට්‍රික්ටොන් 24,357ක් ලබාගෙන තිබෙනවා. අනික් ආයතන දෙක 10,000ක quota එක ගත්තාට ඒගොල්ලන් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබාගෙන තිබෙන්නේ.
(viii) සීමාව ඉක්මවා අපනයනය කර තිබෙන බව අපි දන්නවා. සියයට 38ක ප්‍රතිශතයෙන්, සියයට 33ක ප්‍රතිශතයෙන් හා සියයට 30ක ප්‍රතිශතයෙන් පොස්පේට් අපනයනය කර තිබෙනවා. මේ සඳහා විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ විගණනයක් සිද්ධ වෙනවා.
(ix) මේ නිසා වෙච්ච අලාභය කොපමණද කියලා මේ වෙලාව වෙනකොට ගණනය කර නැහැ. නමුත්, මේ ක්‍රියාවලිය, මේ පර්යේෂණය සහ විගණනය මේ අවස්ථාවේදී සිද්ධ වෙමින් පවතිනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks