බලන්න

E   |     |  

 දිනය: 2025-08-05   පිළිතුර ලබා දී ඇත 

0856/2025: බස්නාහිර පළාත් සභාව සතු වාහන: විස්තර

856/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       බස්නාහිර පළාත් සභාව සතු වාහන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම වාහන භාවිතා කරනු ලබන නිලධාරින් කවරේද;

           (iii)       මහජන නියෝජිතයන් විසින් එම වාහන පරිහරණය කරන්නේද;

(iv) එසේ නම්, එම එක් එක් මහජන නියෝජිතයාගේ නම සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ නම් එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම එක් එක් පළාතේ සංවර්ධන කටයුතු සඳහා 2025 වර්ෂයේදී වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් පළාත් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඒ අතරින් මේ වනවිට මුදල් වෙන් කර ඇති ව්‍යාපෘති කවරේද;

(v) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-05

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      4,003කි.

              (ii)      නිලධාරින් විසින් වාහන 202ක් භාවිත කරනු ලබන අතර එහි තොරතුරු ඇමුණුම 01 මඟින් දැක්වේ.

             (iii)      ඔව්.

                        ඒ මහජන නියෝජිතයන් කියන්නේ බස්නාහිර පළාත් සභාවට අයත් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවල සභාපතිවරු. ඒ වාගේම, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති. 

(iv) ඇමුණුම 02 මඟින් දැක්වේ.

(ආ)         (i)

 

අනු අංක

පළාත

ගරු ආණ්ඩුකාරවර

01

බස්නාහිර

ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මැතිතුමා

02

වයඹ

ගරු ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමා

03

දකුණ

ගරු ආණ්ඩුකාරවර එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා

04

නැ‍ඟෙනහිර

ගරු ආණ්ඩුකාරවර ජයන්ත ලාල් රත්නසේකර මැතිතුමා

05

උතුර

ගරු ආණ්ඩුකාරවර නාගලිංගම් වෙදනායගම් මැතිතුමා

06

මධ්‍යම

ගරු ආණ්ඩුකාරවර සරත් අභයකෝන් මැතිතුමා

07

උතුරු මැද

ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මැතිතුමා

08

සබරගමුව

ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මැතිනිය

09

ඌව

ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා

 

(ii)

 

අනු අංක

පළාත

සංවර්ධන කටයුතු සඳහා 2025 වර්ෂයේදී වෙන් කර ඇති මුදල (රු. මිලියන)

01

බස්නාහිර

      8,358.60

02

වයඹ

    10,844.63

03

දකුණ

      9,736.25

04

නැ‍ඟෙනහිර

      8,776.10

05

උතුර

    13,623.00

06

මධ්‍යම

    13,246.50

07

උතුරු මැද

    11,873.18

08

සබරගමුව

    12,237.00

09

ඌව

     8,971.00

(iii)

 

අනු අංක

පළාත

ඇමුණුම් අංකය

01

බස්නාහිර

ඇමුණුම 03

02

වයඹ

ඇමුණුම 04

03

දකුණ

ඇමුණුම 05

04

නැ‍ඟෙනහිර

ඇමුණුම 06

05

උතුර

ඇමුණුම 07

06

මධ්‍යම

ඇමුණුම 08

07

උතුරු මැද

ඇමුණුම 09

08

සබරගමුව

ඇමුණුම 10

09

ඌව

ඇමුණුම 11

(iv)

 

අනු අංක

පළාත

ඇමුණුම් අංකය

01

බස්නාහිර

ඇමුණුම 12

02

වයඹ

ඇමුණුම 04

03

දකුණ

ඇමුණුම 05

04

නැ‍ඟෙනහිර

ඇමුණුම 06

05

උතුර

ඇමුණුම 07

06

මධ්‍යම

ඇමුණුම 08

07

උතුරු මැද

ඇමුණුම 09

08

සබරගමුව

ඇමුණුම 13

09

ඌව

ඇමුණුම 11

(v)

 

අනු අංක

පළාත

ඇමුණුම් අංකය

01

බස්නාහිර

ඇමුණුම 12

02

වයඹ

ඇමුණුම 04

03

දකුණ

ඇමුණුම 05

04

නැ‍ඟෙනහිර

ඇමුණුම 06

05

උතුර

ඇමුණුම 07

06

මධ්‍යම

ඇමුණුම 08

07

උතුරු මැද

ඇමුණුම 09

08

සබරගමුව

ඇමුණුම 13

09

ඌව

ඇමුණුම 11

සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ඇමුණුම් 01 සිට 13 දක්වා ලිපි ගොනු 13ක් සභාගත* කරමි.

 

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks