පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-05
අසන ලද්දේ
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නම - සිංහලගේ අජිත් නුවන් සමරවික්‍රම බණ්ඩාර, අංක 01, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය
පදනම - රජයේ ඉඩම් ආඥා පනත යටතේ වරණීය හෙවත් අනුග්‍රාහක පදනම
අරමුණ - සුපිරි වෙළඳසැලක් ඉදිකිරීම සඳහා.
නම - සිලෝන් යුනික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 723/1, පන්වත්, දැදිගම, තුන්තොට, කෑගැල්ල.
පදනම - රජයේ ඉඩම් ආඥා පනත යටතේ වරණීය හෙවත් අනුග්‍රාහක පදනම.
අරමුණ - කෘෂි උපකරණ හා බීජ අළෙවිසැලක් ඉදිකිරීම.
ඉහත අංක iiහි නම් සඳහන් සිලෝන් යුනික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත විධිමත් බදු අනුමැතිය ලබා දී ඇතත්, ඉඩමේ භුක්තිය භාර දී නොමැත.
(iii) ඔව්. පර්චස් 60ක් ලබා දී ඇත.
(iv) ඩී.එම්.පී.ආර්. දිසානායක, සිරි නිවස, දමන, අම්පාර.
අරමුණ - සංචාරක බංගලාවක් හා නිවාඩු නිකේතනයක් ඉදිකිරීම.
(v) ඔව්. පුද්ගලයන් තිදෙනෙකු වෙත බැහැර කර ඇත.
(vi) යටිවැල්ල කෝරාළලාගේ ලලිත් බණ්ඩාර යටිවැල්ල, අංක 198, පල්ලේගම, සිරිපුර.
ඉලුක්ගොඩේ ගෙදර රොෂාන් උදය කුමාර සේනක රාජපක්ෂ, අංක 121, වෙහෙරගල, රුහුණුගම.
සෙල්ල අයියා පොන්නයියා ශ්‍රී කාන්දන්, අංක 104, පාසල කොටස, වෙහෙරගල.
පදනම - වරණීය පදනම මත.
මම මේ කියපු ඉඩම් කොටස් තුනම ඇමතිවරයාගේ වරණීය පදනම මත තමයි බැහැර කර තිබෙන්නේ.
(ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය මඟින් දෙහිඅත්තකණ්ඩිය නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමට කටයුතු කර ඇතත් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ප්‍රදේශයේ ඉඩම් කොටස් මහවැලි අධිකාරිය විසින් නීත්‍යනුකූලව විවිධ අවශ්‍යතා වෙනුවෙන් බෙදා දී ඇත. ඒ අනුව එම ඉඩම්, රජයේ අවශ්‍යතාවක් සඳහා ලබා ගැනීමට අදහස් කරන අවස්ථාවේ නැවත රජයට පවරා ගැනීමෙන් අනතුරුව සංවර්ධන කාර්යයන් සඳහා භාවිත කළ හැක.
(ii) බදු පදනම මත ඉහත සඳහන් වාණිජ ඉඩම් ලබා දීම සිදු කර ඇති අතර රජයේ ඉඩම් ආඥාපනතේ ප්‍රතිපාදන මත ඉඩම් කොටස්වල භුක්තිය භාර දීමේදී ඇතුළත් කර ඇති කොන්දේසිවලට අනුකූලව ක්‍රියා කළ හැකි වේ.
(iii) ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.
(iv) රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන අනුව බදුකරු විසින් නියමිත බදු නොගෙවීම හෝ කොන්දේසි කඩ කිරීම මත යන කරුණු පදනම්ව රජයට පවරා ගැනීමට කටයුතු කළ හැකි වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks