පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
පාසලේ නම |
ශිෂ්‍ය සංඛ්‍යාව (2026) |
|
01 |
ධම්මරතන විද්‍යාලය |
110 |
|
02 |
ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලය |
30 |
|
03 |
සුනන්දෝපනන්ද ප්‍රාථමික විද්‍යාලය |
63 |
(ii) මෙම කාරණයට අදාළව අපි විස්තරාත්මක වාර්තාවක් අරගෙන තිබෙනවා, අවුරුදු 4ක සිසුන් ඇතුළත් වීමේ නැඹුරුතාව සහ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව.
මෙම පාසල් තුනෙහි පසුගිය වර්ෂ 4ක ශිෂ්‍ය සංඛ්‍යාව පහතින් දක්වා ඇත.
|
අනු අංකය |
පාසලේ නම |
ශිෂ්‍ය සංඛ්‍යාව |
|||
|
|
|
2023 |
2024 |
2025 |
2026 |
|
01 |
ධම්මරතන විද්‍යාලය |
89 |
100 |
96 |
110 |
|
02 |
ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලය |
48 |
36 |
36 |
30 |
|
03 |
සුනන්දෝපනන්ද ප්‍රාථමික විද්‍යාලය |
81 |
80 |
62 |
63 |
මේ පාසල් තුන වෙන වෙනම ගත්තොත්, ධම්මරතන විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාවේ යම්කිසි වැඩිවීමක් අපට පෙනෙන්න තිබෙනවා, 2023 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා. නමුත්, 2026දීත් ඉන්නේ ශිෂ්‍යයන් 110යි. ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලයේ මේ වසර 4 තුළදී සුළු අඩුවීමක් නිරීක්ෂණය වෙනවා. මේ වසර 4 තුළම එහි ශිෂ්‍යයන් සංඛ්‍යාව 50ට අඩුයි. ඒ වාගේම තමයි, සුනන්දෝපනන්ද ප්‍රාථමික විද්‍යාලයේ මේ වනකොට ශිෂ්‍ය සංඛ්‍යාවේ සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා. 2026 වර්ෂයේ 63ක ශිෂ්‍ය සංඛ්‍යාවක් තමයි ඉන්නේ.
ඒ අනුව, මේ පාසල් තුන ගත්තොත්, ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලයේ සිසුන් අඩුවීමක ස්වභාවයක් දකින්නට තිබෙනවා. නමුත්, මෙම පාසල්වලට අදාළව නිසි ක්‍රමවේද සහිතව ඉගැන්වීම් කටයුතු මේ වෙද්දී සිද්ධ වෙනවා.
(iii) ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට අඩුවීමක් පැවතිය ද පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලුම පහසුකම් පාසල වෙත ලබා දී ඇත. ඒ වාගේම, මෙම පාසල පිහිටා ඇති පෝෂිත ප්‍රදේශය තුළ ශිෂ්‍ය ගහනය අඩුවීම ද මේකට බලපා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.
ඒ වාගේම, ඒ අවට තවත් පාසල් 4ක් තිබෙනවා. ඒවා ඉතාම ආසන්නයේයි තිබෙන්නේ. එම නිසා එම පාසල්වලට ශිෂ්‍යයන් පැමිණීමේ නැඹුරුතාවකුත් තිබෙනවා. එම පාසල්වලට අදාළ විස්තර පහත වගුවේ දැක්වෙනවා.
|
අනු අංකය |
පාසලේ නම |
පාසල් වර්ගය |
පාසලේ සිට ඇති දුර |
|
01 |
බප/පිළි/පොදුජය විද්‍යාලය |
3 වර්ගය |
2.5 km |
|
02 |
බප/පිළි/සැලීනා විදුහල |
3 වර්ගය |
3 km |
|
03 |
බප/පිළි/උයන කනිෂ්ඨ විද්‍යාලය |
2 වර්ගය |
3 km |
|
04 |
බප/පිළි/රාවතාවත්ත මෙතෝදිස්ත විදුහල |
2 වර්ගය |
2.5 km |
සෑම ශිෂ්‍යයෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය තහවුරු කිරීමේ අරමුණින් ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම තමයි, 2027 වර්ෂයේදී සංවර්ධනය කිරීමට නියමිත පාසල් ලේඛනයේ ලක්ෂපතිය ශික්ෂාදාන විද්‍යාලය ආසන්නයේ ඇති සැලීනා විද්‍යාලය ද තිබෙනවා. එම නිසා ලක්ෂපතිය විද්‍යාලයේ යම්කිසි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා නම්, අවශ්‍ය නම් මේ සැලීනා විද්‍යාලයට යෑමේ හැකියාව තිබෙනවා. ඒ අතරම ලක්ෂපතිය විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු ද නිසි ආකාරයෙන් සිද්ධ වෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks