පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
833/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමූපකාර ග්‍රාමීය බැංකු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට සහ පළාත් සභා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවලට පැවරී ඇති කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) සමූපකාර ග්‍රාමීය බැංකු විගණනය කිරීම, එම දෙපාර්තමේන්තුවලට පැවරී ඇති බව දන්නේද;
(iii) එසේ නම්, 2015 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම රජයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් සභා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු විසින් විගණනය කරන ලද සමූපකාර ග්‍රාමීය බැංකු සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) සමූපකාර ග්‍රාමීය බැංකු නිසි පරිදි විගණනය නොකිරීම හේතුවෙන් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කර තිබෙන බව දන්නේද;
(v) එසේ නම්, එම තත්ත්වය වැළැක්වීම සඳහා සමූපකාර ග්‍රාමීය බැංකු නිසි පරිදි වාර්ෂිකව විගණනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සමුපකාර ග්‍රාමීය බැංකු සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ පළාත් සභාවලට වන අතර, එක් එක් පළාත් සභා ප්‍රඥප්ති සහ සමුපකාර සමිති පනත මඟින් ලබා දී ඇති නෛතික ප්‍රතිපාදන අනුව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු මඟින් සමුපකාර ග්‍රාමීය බැංකු සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි කටයුතු කරනු ලැබේ.
එමෙන්ම පළාත් මට්ටමින් ස්ථාපිත කර ඇති විවිධ සේවා සමුපකාර සමිතිවල මූල්‍ය අංශයක් ලෙස මෙම ග්‍රාමීය බැංකු ක්‍රියාත්මක වේ.
"සමුපකාර ග්‍රාමීය බැංකු හා මූල්‍ය සේවා සමුපකාර සමිති නියාමනය කිරීමට ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම" යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක: 13/0409/540/005 හා 2013.04.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සමුපකාර ග්‍රාමීය බැංකු හා මූල්‍ය සේවා සමුපකාර සමිති නියාමනයට සහ මඟ පෙන්වීමට සමුපකාර බැංකු නියාමන ජාතික කමිටුවක් ස්ථාපිත කර ඇති අතර, එමඟින් සියලු පළාත් වෙත උපදෙස් හා මඟ පෙන්වීම් සිදු කිරීම, ප්‍රතිපත්ති තීරණ සහ අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම, චක්‍රලේඛ නිකුත් කිරීම මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ.
එසේම තවදුරටත් සමුපකාර ජාලය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ නිර්දේශ ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අංක: අ.ම.ප./25/0123/817/006 හා 2025.02.10 දිනැතිව පත් කරන ලද කමිටුව මඟින්ද සමුපකාර ග්‍රාමීය බැංකුවල දැනට පවත්නා ගැටලු පිළිබඳව කළ යුතු ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ අනුවද අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත.
(ii) ඔව්.
(iii) ඇමුණුමෙහි දක්වා ඇත. එය දීර්ඝ ලේඛනයක් බැවින් සභාගත* කරමි.
(iv) සමුපකාර ග්‍රාමීය බැංකු අයත් විවිධ සේවා සමුපකාර සමිතිවල විගණන ප්‍රමාද වීම හේතුවෙන් වංචා අනාවරණය වීමේ ප්‍රමාදවීම් සිදුව ඇත.
(v) ග්‍රාමීය බැංකු පවත්වාගෙන යන විවිධ සේවා සමුපකාර සමිතිවල විගණන සිදු කිරීම සඳහා සියලු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡාකොට විගණන යාවත්කාලීන කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks