පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කිංස් නෙල්සන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල කළුගල් කැණීම් කටයුතු සිදු කරන ව්‍යාපාරිකයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම කාලසීමාව තුළ එ් සඳහා ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන් අය කර ඇති මුදල කොපමණද;
(iii) තවදුරටත් අය කර ගැනීමට හිඟව පවතින මුදල කොපමණද;
(iv) එම මුදල් අය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට ක්‍රියාකාරි සංඛ්‍යාව 47කි.
(ii) රුපියල් 641,538,323.29
(iii) රුපියල් 3,890,237.98
(iv) අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ගෙවීම් කිරීම අවසන් කර නොමැති ආයෝජකයින් සඳහා පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ වන පොලිස් බලප්‍රදේශවල පැමිණිලි ගොනු කිරීමට අදාළව කටයුතු සිදු කර ඇත.
(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks