බලන්න

E   |     |  

 දිනය: 2026-07-21   පිළිතුර ලබා දී ඇත 

0830/2026: ඉන්ධන පිරවුම්හල්: විස්තර

ගරු කිංස් නෙල්සන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       රට පුරා ස්ථාපිත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පිරවුම්හල් පිහිටා ඇති ස්ථාන කවරේද;

           (iii)       ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා දෙන කොමිස් මුදල කොපමණද;

(iv) එම කොමිස් මුදල වෙනස් කිරීමට රජය තීරණය කොට තිබේද;

(v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

ආයතනය

ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

888

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම

273

සිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම

150

ආර් එම් පාර්ක්ස් පුද්ගලික සමාගම

130

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii)

ආයතනය

ස්ථාන

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ඇමුණුම 01**

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම

ඇමුණුම 02**

සිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම

ඇමුණුම 03**

ආර් එම් පාර්ක්ස් පුද්ගලික සමාගම

ඇමුණුම 04**

 

 

 

(iii) ඇමුණුම 05 යටතේ දක්වා ඇත.

(iv) ඛනිජ තෙල් පනතේ ප්‍රතිපාදන අනුව, ඛනිජ තෙල් සංස්ථාව විසින් කාලීන අවශ්‍යතා පදනම් කරගෙන කාලීනව කොමිස් මුදල තීරණය කරනු ලැබේ.

කොමිස් මුදල තීරණය වීමේදී, ප්‍රවාහන වියදම්, විදුලි වියදම්, ජල ගාස්තු, සුබසාධන වියදම්, දුරකථන හා අන්තර්ජාල බිල්පත්, මුද්‍රණ වියදම්, ගොඩනැඟිලි නඩත්තුව, යන්ත්‍ර සූත්‍ර නඩත්තුව, මානව සම්පත්, පරිපාලන, වෙනත් වියදම්, මෙහෙයුම් ශුද්ධ ලාභය, බදු යන සාධක සලකා බලනු ලැබේ.

(v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-07-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks