පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
819/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සීමාසහිත රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ විශාල වංචා රැසක් සිදුවී ඇති බව දන්නේද;
(ii) එම වංචාවල ස්වරූපය කවරේද;
(iii) එම වංචා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-19
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම සමුපකාර සමිතියේ කටයුතු සම්බන්ධව ලැබී ඇති සාමාජික පැමිණිලි ලිපියක සඳහන් කරුණු සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ 1993 අංක 4 දරන සමුපකාර සමිති (සංශෝධන) ප්‍රඥප්තියෙන් සංශෝධිත 1990 අංක 10 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 46(1) වගන්තිය යටතේ පරීක්ෂණයක් මේ වනවිට මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් විසින් සිදු කෙරෙමින් පවතී.
(ii) 46(1) වගන්තිය ප්‍රකාරව සිදු කරන පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව වංචා හා අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ බව අනාවරණය වනු ඇත.
පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව දැනටමත් සිදු කර ඇති විශේෂ විගණනයට අනුව 1973 සමුපකාර රීති මාලාවේ 22(i) වගන්තිය අනුව විධිමත් අනුමැතීන් රහිතව සමිතියේ මහ සභා නියෝජිතයින් 91දෙනෙකුට රුපියල් 885,703ක් වටිනා භාණ්ඩ මලු බෙදා දීම සම්බන්ධයෙන් ඒ සඳහා වගකිව යුතු අයගෙන් එම මුදල අය කර ගැනීමට අධිභාර කිරීම සඳහා අධිභාර සහතික සමිතියේ හිටපු අධ්‍යක්ෂවරු වෙත නිකුත් කර ඇත.
මෙම අධිභාර සහතික මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා එකී අධිභාර කටයුතු ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මුදල් අය කර ගැනීම සඳහා ඉදිරිපත් කිරීම වළක්වාලන ලෙසට සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, එතෙක් ඉහත කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය, කොළඹ වෙත CA/WRIT/966/2025 අංකය යටතේ වගඋත්තර පාර්ශ්වය නඩුවක් ගොනු කර ඇත.
(iii) I. 1982 පොදු දේපළ විෂයෙහිලා සිදු කරන වැරදි පිළිබඳ පනත යටතේ කටයුතු කිරීම.
II. මධ්‍යම පළාතේ සමුපකාර සමිති ප්‍රඥප්තියේ 58 යටතේ ආරවුල් බේරුම්කරණය කිරීම හා බේරුම්කරණ තීන්දු මත අදාළ මුදල අය නොවුවහොත් එය අය කර ගැනීම සඳහා සමුපකාර සමිති ප්‍රඥප්තියේ 59 වගන්තිය අනුව එම තීන්දුව ගරු අධිකරණයට යොමු කිරීම.
III. මුදල් අය කර ගැනීම සඳහා මධ්‍යම පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය අනුව අධිභාර ක්‍රියාවලියකට යොමු වීම.
IV. 46(1) පරීක්ෂණය අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගෙන් යම් මුදලක් අයවීමට ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ගේ ධුරයන් අහෝසි කිරීම.
V. සේවකයන් යම් විනය වරදක් සිදු කර ඇති බවට අනාවරණය වුවහොත් මධ්‍යම පළාත් සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය හා එම රෙගුලාසි අනුව විනය ක්‍රියාමාර්ග ගැනීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු උපාලි සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks