පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
811/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ ඇති, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසැල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පාසැල්වල නම් කවරේද;
(iii) මේ වනවිට එම පාසැල්වල පවතින ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් අධ්‍යාපන කලාපය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ ඇති පාසැල් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
කලාපය |
ජාතික |
පළාත් |
මුළු එකතුව |
|
කොළඹ |
21 |
101 |
122 |
(ii) කොළඹ කලාපයේ ඇති ජාතික පාසල්වල නම් පහත ඇමුණුම 01 මඟින්ද, කොළඹ කලාපයේ ඇති පළාත් සභා පාසල්වල නම් ඇමුණුම 02 මඟින් ද ඉදිරිපත් කර ඇත.
(iii) මේ වනවිට ජාතික පාසල් ගුරු පුරප්පාඩු 665ක්ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඒකාබද්ධ සේවයට අයත් පුරප්පාඩු 132ක්ද, ඒකාබද්ධ සේවයට අයත් නොවන පුරප්පාඩු 236ක්ද, සම්පූර්ණ වශයෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 164ක් සහ පළාත් පාසල් සඳහා පුරප්පාඩු 513ක් ද පවතිනවා.
(iv) • කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇති ජාතික පාසල්වලට යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම හා අලුත්වැඩියාව සඳහා සහ ද්විතීයික අංශයේ ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීම හා පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 490ක් වෙන් කරන ලදී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks