පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
810/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘E-Motoring’ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණු කවරේද;
(iii) එම ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලද ආයතනයේ නම කවරේද;
(iv) එම ආයතනය තෝරා ගැනීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;
(ii) එම ව්‍යාපෘතියේ විවිධ දූෂණ සිදුවී ඇති බව දන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අංක අමප/18/0933/808/007/ටීබීආර් හා 2018.05.31 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2018.07.19 වැනි දින ගිවිසුම්ගතව ඇත.
(ii) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කරමින්, අධි තාක්ෂණය හා සුහුරු තාක්ෂණය භාවිත කරමින් වාහන ලියාපදිංචි කිරීම, නැවත පැවරීම හා ඊට ආනුෂංගික ක්‍රියාවලි සඳහා ව්‍යාපාර ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව.
(iii) Metropolitan Advanced Technologies (Pvt.) Ltd. ආයතනය.
මෙම ආයතනය, Face Technologies (Pvt.) Ltd. (South Africa) සහ Metropolitan Office (Pvt.) Ltd. යන සමාගම්වලින් සැදුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරයකි; joint venture එකක්.
(iv) ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් - SCAPC- පත් කරන ලදී. එම කමිටුවට සහය වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයාගේ ඉල්ලීම මත රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මඟින් තාක්ෂණික ඇගැයීම් කමිටුවක් - TEC එකක් - ද පත් කරන ලදී.
ඒ අනුව සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් 2018 ජූලි 19 වන දින අදාළ ආයතනය තෝරා ගන්නා ලදී.
(ආ) (i) මෙතෙක් වියදමක් දරා නොමැත.
(ii) වාර්තා වී නැත.
(iii) පැන නොනඟී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks