පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
809/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;
(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම අධිකාරිය සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම අධිකාරියේ කාර්යයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) · දිවයිනේ විවිධ පළාත්වල ඉදිකර ඇති සහාධිපත්‍ය දේපළ සහ අර්ධ සහාධිපත්‍ය දේපළවල, පොදු අංග සහ පොදු පහසුකම් පාලනය කිරීම, කළමනාකරණය කිරීම, නඩත්තු කිරීම සහ පරිපාලනය කිරීම.
· සහාධිපත්‍ය දේපළ සහ අර්ධ සහාධිපත්‍ය දේපළවල, පොදු අංග සහ පොදු පහසුකම් නිසි පරිදි නඩත්තු කරන බව සහතික කිරීම සහ අදාළ කාර්යයන් පැහැර හරින අවස්ථාවලදී ඒ සඳහා ඍජුවම මැදිහත්වීම.
· සියලු සහාධිපත්‍ය දේපළ ගින්නෙන්, මහජන කැලඹීම්වලින්, කැරලි කෝලාහලවලින් වන උපද්‍රව වළක්වා ගැනීම සඳහා රක්ෂණය කිරීම සහ එලෙස පවත්වා ගෙන යෑම.
· සහාධිපත්‍ය දේපළෙහි ලියාපදිංචි සහාධිපත්‍ය පිඹුරට හෝ අර්ධ සහාධිපත්‍ය දේපළෙහි ලියාපදිංචි අර්ධ සහාධිපත්‍ය පිඹුරට පටහැනිව ඉදි කර ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.
· සහාධිපත්‍ය දේපළෙහි හෝ අර්ධ සහාධිපත්‍ය දේපළෙහි කළමනාකරණ සංස්ථාව නිසි ආකාරයෙන් ක්‍රියා කරන බවට වග බලා ගැනීම සහ එහි කටයුතු කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම.
· සහාධිප්‍ය දේපළෙහි හෝ අර්ධ සහාධිපත්‍ය දේපළෙහි කළමනාකරණ සංස්ථාවට හෝ අයිතිකරුවන්ට හෝ පදිංචිකරුවන්ට ජලය, කසළ කානු, ජලාපවහනය, ගෑස්, විදුලිය, කුණු කසළ බැහැර කිරීම, වායු සමීකරණය, දුරකථන, ගුවන් විදුලි සහ රෙඩිපියුෂන් වැනි සේවා ලබා දීමේදී සහාය වීම.
· සහාධිපත්‍ය කොටස්වල අයිතිකරුවන්ගේ හෝ පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග, ප්‍රවේශ, තණ පිට්ටනි, වතු, උද්‍යාන, ක්‍රීඩාංගණ සහ වෙනත් එළිමහන් ස්ථාන පිහිටුවා නඩත්තු කිරීමට සහාය වීම.
· එවැනි ප්‍රයෝජන සඳහා පවතින මාර්ග, ප්‍රවේශ, වතු උද්‍යාන, ක්‍රීඩාංගණ සහ වෙනත් එළිමහන් ස්ථාන නඩත්තු කිරීම සඳහා පළාත් පාලන ආයතනයක් වෙත පැවරීම.
· සහාධිපත්‍ය දේපළවල සහ අර්ධ සහාධිපත්‍ය දේපළවල ඉල්ලීම පරිදි සහාධිපත්‍ය කොටස් නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීම.
· ගැනුම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා වීම සහතික වීම සඳහා ලියාපදිංචි තාවකාලික සහාධිපත්‍ය දේපළ තැනීමේ ප්‍රගතිය නියාමනය කිරීම සහ ඒ අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කවර හෝ අවස්ථාවකදී ඊට මැදිහත් වීම.
· රජය විසින් අනුමත කිරීම සඳහා ප්‍රාග්ධන ආයෝජන සැලසුම් ඇතුළු සහාධිපත්‍ය දේපළ නැවත සංවර්ධනය කිරීමේ වැඩසටහන් සකස් කිරීම සහ අනුමතය සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
රජය විසින් අනුමත කරනු ලබන වැඩසටහන්වලින් සහාධිපත්‍ය දේපළ නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා භාර ගැනීමට හෝ ඒ ව්‍යාපෘති ක්‍රියාවේ යෙදවීමට භාර ගැනීම.
යම් ලියාපදිංචි අර්ධ සහාධිපත්‍ය පිඹුරක හෝ තාවකාලික සහාධිපත්‍ය පිඹුරක යම් සහාධිපත්‍ය ගොඩනැගිල්ලක් අයිතිකරු විසින් අවසන් කිරීම පැහැර හැරීමේදී එය අවසන් කිරීමට භාර ගැනීම.
අධිකාරියේ අරමුණුවලින් යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා ඉඩම් සංවර්ධනය කිරීම හෝ නැවත සංවර්ධනය කිරීම.
(ii)
(iii) · සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වර්තමානයේ මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම වේ. එබැවින් අනාගත උපාය මාර්ගික වැඩසටහන් සඳහා සිටිය යුතු අවම කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සූදානම් කිරීමට කටයුතු කෙරේ.
· දිවයින පුරා අතරමඟ නවතා දමා ඇති සහාධිපත්‍ය ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීම හා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ වැඩ පිළිවෙළ සකස් කිරීම. මෙහිදී විෂයානුබද්ධ සියලු ආයතන ඒකාබද්ධ කිරීම මඟින් අදාළ ව්‍යාපෘතිවල සංවර්ධනකරුවන් මුහුණපා ඇති ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීම හා සහාධිපත්‍ය කොටස් ගැනුම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.
· 2004 වර්ෂයේ සුනාමි නැවත පදිංචි කිරීමේ වැඩසටහන් යටතේ ඉදිකරන ලද සහාධිපත්‍ය දේපළ සඳහා වසර 20ක් ගෙවී ඇතත් ඔවුන්ට හිමි විය යුතු දේපළ අයිතිය මේ වන තෙක් ලැබී නොමැති බැවින් ඒ සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද 2018 අංක 23 දරන බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත සඳහා නව පනතක් හඳුන්වා දීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks