04

E   |     |  

 දිනය: 2025-07-23   පිළිතුර ලබා දී ඇත 

0794/2025: ප්‍රතිසංස්කරණය කරන ලද ජලාශ සහ වැව්: කුරුණෑගල දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2025-07-23

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)   

 

ජලාශ

මහා පරිමාණ/මධ්‍යම පරිමාණ වැව්

සුළු පරිමාණ වැව්

වාරිමාර්ග දෙපාර්මේන්තුව

-

241

-

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

-

-

15,958

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

22

654

-

(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ කුරුණෑගල කලාපය ප්‍රාදේශීය වාරිමාර්ග ‍ඉංජිනේරු කොට්ඨාස පහක් යටතේ පාලනය වන අතර, කුරුණෑගල කලාපයේ පිහිටි වැව් හා ජලාශ සංඛ්‍යාව පහත පරිදි වේ.

 

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය

මහා පරිමාණ වැව්/ජලාශ

මධ්‍යම පරිමාණ වැව්/ජලාශ

හිරියාල

03

02

නිකවැරටිය

02

01

වාරියපොල

01

00

කටුගම්පොල

00

03

ගල්ගමුව

03

04

එකතුව

09

10

ගොවිජන සංවර්ධන දෙපාර්ත‍මේන්තුව යටතේ පාලනය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළුවාරි වැව් 5,733කි.

 

(iii) පසුගිය වර්ෂ කිහිපය තුළදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලැබුණු ප්‍රතිපාදන මඟින් හා ව්‍යාපෘති මඟින් ලැබුණු ප්‍රතිපාදන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ප්‍රතිසංස්කරණය කළ වැව් පිළිබඳ විස්තර පහත දැක්වේ.

 

වර්ෂය

වැය ශීර්ෂය/ ව්‍යාපෘතිය

ප්‍රතිසංස්කරණය කරන ලද වැව්/ ජලාශ සංඛ්‍යාව

වැව්/ ජලාශයේ නම

2021-2023

වාරි සෞභාග්‍යා වැඩසටහන

01

බතලේගොඩ වැව

2023

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග අමාත්‍යාංශයේ

වැය ශීර්ෂ

08

උස්ගල සියඹලාගමුව වැව දැදුරු ඔය ජලාශය මාගල්ල වැව මාකඳුර වැව

ජය වැව (පාලුකඩවල වැව) බතලේගොඩ වැව කිනියම වැව අත්තරගල්ල වැව

2024

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග අමාත්‍යාංශයේ

වැය ශීර්ෂ

 

උස්ගල සියබලාගමුව වැව දැදුරු ඔය ජලාශය මැද්දේකැටිය වැව කිඹුල්වානා වැව මාගල්ල වැව මාකඳුර වැව

ජය වැව (පාලුකඩවල වැව) බතලේගොඩ වැව හක්වටුනා ඔය හුලුගල්ල වැව මසුරන්කොට්ටේ වැව

කිනියම වැව මැඩියාව වැව අත්තරගල්ල වැව මහ ගල්ගමුව වැව අබකොල වැව

2024

IWWRMP

01

මහනාන්නේරිය වැව

 

 

 

 

2025 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලැබුණු ප්‍රතිපාදන මඟින් මේ වන විටත් කුරුණෑගල කලාපය තුළ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පහත දක්වා ඇත.

 

වැය ශීර්ෂ / ව්‍යාපෘතිය

වැව / ජලාශයේ නම

සිදු කරන සංවර්ධන කාර්යයන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂ

මාගල්ල වැව

දකුණු සොරොව්ව අසල ජල කාන්දුව අලුත්වැඩියාව

 

මැඩියාව වැව

පිටවාන් නිර්මිතය නවීකරණය

 

අත්තරගල්ල වැව

වැව් බැම්ම ප්‍රතිසංස්කරණය

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පසුගිය වසර 10 ඇතුළත පිළිසකර කරන ලද වැව් සංඛ්‍යාව:

 

වර්ෂය

පිළිසකර කරන ලද වැව් සංඛ්‍යාව

2015

  00

2016

  00

2017

161

2018

186

2019

172

2020

309

2021

159

2022

  06

2023

107

2024

143

(iv) වාර්ෂිකව දෙපාර්තමේන්තු වැය ශීර්ෂ හා අමාත්‍යාංශ වැය ශීර්ෂ යටතේ ලැබෙන ප්‍රතිපාදන මඟින් සහ වාරි සෞභාග්‍යා වැනි ව්‍යාපෘති යටතේ පසුගිය වසර කිහිපය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්වල අලුත්වැඩියා කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. තවද, වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය - DSWRPP, දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය - CRIP - හා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහුඅදියර වැඩ සටහන් ප්‍රවේශය - CResMPA - වැනි ව්‍යාපෘති හරහාද මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ වැව් නවීකරණ කටයුතු සිදු කර ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති:

  • සුළුවාරි අලුත්වැඩියාව
    • ගම සමඟ පිළිසඳරක්
    • ග්‍රාමීය එල්ලංගා පද්ධති වැඩි දියුණු කිරීම
    • ගොවීන්ගේ භාරකාර අරමුදල
      • සපිරි ගමක් වැඩසටහන
      • වැව් ගම් පුබුදුව
      • ගංවතුර හානි අලුත්වැඩියාව
      • KICK Start ව්‍යාපෘතිය
      • දේශගුණ සුහුරු ව්‍යාපෘතිය
      • සම්පත් බැංකු ව්‍යාපෘති
      • රොන්මඩ ඉවත් කිරීම
      • SLCDF
      • SARP
      • World Vision
        • SAPP

(ආ) (i) ඔව්, 2023 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී.

(ii) වාරි ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කිරීම තමයි "සාර්ප්" ව්‍යාපෘතියේ අරමුණ.

(iii) ඔව්, (වැව් 14ක වැඩ අවසන්. දෙවන අදියර යටතේ වාරි ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක වෙමින් පවතී.)

(iv) IFAD (International Fund for Agricultural Development)

(v) රුපියල් මිලියන 1,349කි.

(vi) රුපියල් මිලියන 290කි.

(vii) · වැව් බැම්ම ප්‍රතිසංස්කරණය

· වාන ප්‍රතිසංස්කරණය

· සොරොව්ව ප්‍රතිසංස්කරණය

· වේලි පද්ධති ප්‍රතිසංස්කරණය හා කොන්ක්‍රීට් කිරීම

· යටිගහ සංවර්ධනය හා අනෙකුත් ව්‍යුහ  සැකසීම

· ට්‍රැක්ටර් පැන්නුම් හා ජල හැරවුම් සකස් කිරීම

· වැව් පිටිය පිරිසිදු කිරීම හා කට්ටකඩුව සලකුණු කිරීම

(viii) ඔව්.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks