පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2713/’12
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 මාර්තු මස ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒමට පෙර, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමග නිල වශයෙන් පළමු හමුවීම පැවැත්වුණු දිනය කවරේද;
(ii) එකී හමුවීමෙහි දී සාකච්ඡාවට ලක්වූ කරුණු කවරේද;
(iii) ඉහත හමුවීමෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදය විසින්ද ඉහත දැක්වූ ආකාරයේ යෝජනාවක් ගෙන එන්නට ඉඩ තිබෙන බව අපේක්ෂා කරනු ලැබුවේද;
(iv) ශ්‍රී ලාංකීය දෘෂ්ඨිකෝණයෙන් ගත් කල ඉහත කී යෝජනාව පරාජයවීමට නොසැලකිලිමත්භාවය, උද්දච්චභාවය සහ අදක්ෂතාව හේතු වූයේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ජිනීවාහිදී සම්මතවූ යෝජනාව සම්බන්ධයෙන් අද වනවිට ප්‍රතිකර්ම වශයෙන් ගෙන ඇති පියවර කවරේද;
(ii) පැවති ස්ථාවරයට පටහැනිව යමින් 2012 මැයි මස 18 වැනි දිනදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමට රජය කැමැත්ත පළ කළේ මන්ද;
(iii) එහිදී සාකච්ඡා කළ කරුණු සහ එකී හමුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ක්‍රියාත්මක වන කටයුතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-09
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2010 මැයි 28
(ii) ප්‍රධාන වශයෙන්, හිලරි ක්ලින්ටන් මැතිනිය මට කිව්වා, LLRC වාර්තාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රගතිය ගැන එතුමිය සෑහීමට පත් වනවා කියලා. එතුමිය මෙන්න මේ වචන පාවිච්චි කළා.
“The steps taken by the Government of Sri Lanka are commendable and we are supporting that effort”.
හිලරි ක්ලින්ටන් මැතිනිය ඒ අවස්ථාවේ දී ඒ ප්‍රකාශනය කළා. ගරු කථානායකතුමනි, ඒ කාලයේ ඇමෙරිකාව සංචාරකයන් මෙහි පැමිණීම සම්බන්ධයෙන් අවදානමක් දක්වලා තිබුණා. එතුමිය ඒක ඉවත් කරනවා කියලා කිව්වා. එතුමිය මට කිව්වා, “You should take that as a vote of confidence” කියලා. අපි පිළිබඳව විශ්වාසය ප්‍රකාශ කිරීමේ සංකේතයක් හැටියට එතුමිය ඒක කළා. ඒ වාගේම එතුමිය ප්‍රශංසා කළා, උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනවාය කියපු ප්‍රකාශයට. “We welcome that” කියලා ඒක අගය කළා. ඒ අවස්ථාව වනකොට ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වලා තිබුණේ. ඒක හොඳ පියවරක් කියලා, ඒක අගය කරනවා කියලා එතුමිය මට කිව්වා.
(iii) ගරු මන්ත්‍රීතුමා අහනවා, ඒ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන්නට අපේක්ෂා කරන බවක් හිලරි ක්ලින්ටන් මැතිනිය කිව්වාද කියලා. එතුමිය එහෙම ප්‍රකාශයක් කළේ නැහැ.
(iv) ගරු මන්ත්‍රීතුමා අහනවා, යම් කිසි අතපසුවීමක් නිසා ඒ යෝජනාව කවුන්සිලයේ අනුමත වුණාද කියලා. අතපසු වීමක් නිසා නොවෙයි, ගරු කථානායකතුමනි, ඒක රජය ගත්ත ප්‍රතිපත්ති තීරණයක්. ඒ කියන්නේ ඒ අය ඇත්ත වශයෙන් විකල්ප රජයක් වාගේ කටයුතු කිරීමට තමයි බලාපොරොත්තු වුණේ. මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග, යෝග්‍ය විසඳුම් ඒ සියල්ලක්ම ඒකේ අන්තර්ගත කරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් උතුරේ පළාත් සභාව හා මධ්‍යම රජය අතර සම්බන්ධතාව, ආණ්ඩුකාරතුමා, මහලේකම්තුමිය යන කාරණා රටේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒවා සම්බන්ධයෙන් පිටස්තර ආණ්ඩු තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපට එකඟ වන්න බැහැ.
(ආ) (i) ගරු මන්ත්‍රීතුමා අසා තිබෙනවා, මේ යෝජනාව සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන ප්‍රතිකර්ම මොනවාද, පියවර මොනවාද කියලා.
හුඟක් වැඩ කටයුතු කෙරිලා තිබෙනවා, ගරු කථානායකතුමනි. කිහිපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. යුද්ධය අවසාන වුණායින් පස්සේ අවතැන් වුණු පුද්ගලයින් දෙලක්ෂ අනූහයදහසක් පමණ පිරිස යළි පදිංචි කිරීමේ වැඩ පිළිවෙළ දැන් අවසන් කර තිබෙනවා. ඒ වාගේම ලෝකයේ වෙන කිසිම තැනක නොවුණු විධියට රජයට විරුද්ධව අවිආයුධ ගත් දාහතරදහසක පිරිසකට වෘත්තිය පුහුණුව දීලා ඒ අයගේ දෙමාපියන් ළඟට, ගම්වලට යැව්වා. උතුරේ සංවර්ධනයේ දළ වශයෙන් සියයට 21ක විතර ධාරිතාවක්, වර්ධන වේගයක් අපි කාටත් පේනවා. මේවා අපි කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ආපු අය ප්‍රශංසා කළා.
(ii) ගරු මන්ත්‍රීතුමා අසා තිබෙනවා, 2012 මැයි 18 වැනිදා හිලරි ක්ලින්ටන් මැතිනිය ආපසු හමු වුණේ ඇයි කියලා.
ගරු කථානායකතුමනි, ඒකට මගේ පිළිතුර වන්නේ, ඇමෙරිකානු එක්සත් ජනපදය සමඟ අපට තිබෙන සම්බන්ධතාව එකම සාධකයක් පදනම් කරගෙන ඇති වුණු සම්බන්ධතාවක් නොවෙයි කියන එකයි. හිලරි ක්ලින්ටන් මැතිනිය මට එවාපු ලියුමේ මෙන්න මේ වාක්‍ය සඳහන් වනවා. එතුමියගේ වචනවලින් එය මෙසේයි :
"We have to move forward in our relations and work in a cooperative manner".
ඉතින් ඒ ආකාරයට ක්ෂේත්‍ර කිහිපයකම සම්බන්ධකම් පවතිනවා. එකක් ආරක්ෂක ක්ෂේත්‍රය. ඒ වාගේම ආර්ථික සම්බන්ධතා ක්ෂේත්‍රය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, Fulbright Scholarships මේ සියල්ලක් සම්බන්ධයෙන්ම යහපත් සම්බන්ධයක් රටවල් දෙක අතර තිබෙනවා. හැබැයි, මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ ඇමෙරිකාවේ ආකල්පය සමඟ අප කිසි සේත් එකඟ වන්නේ නැහැ.
(iii) කොටසින් එතුමා අසා තිබෙනවා, දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන දේවල් මොනවාද, ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වෙලා තිබෙන්නේ මොනවාද කියලා. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් කිසි දෙයක් සිදු වන්නේ නැහැ. මම ඉස්සෙල්ලා සඳහන් කළ දේවල් රටේ යහපත වෙනුවෙන් අපි අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.
(ඇ) අදාළ නොවේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සලය : ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව
පිළිතුරු දුන් දිනය
2014-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks