බලන්න

02

E   |   த   |  

 දිනය: 2026-09-22   පිළිතුර ලබා දී ඇත 

0786/2026: ජා-ඇල ඩිපෝව: බස් රථ ඇණිය

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      මේ වනවිට ජා-ඇල ඩිපෝව සතුව ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම ඩිපෝව මඟින් දෛනිකව ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව කොපමණද;

(iii) ඩිපෝවේ මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) ජා-ඇල නගරයේ සිට දුරගමන් සේවා ආරම්භ කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-09-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       මේ වන විට ශ්‍රී ලංගම ජා-ඇල ඩිපෝව සතුව බස් රථ 35ක් ඇත.

              (ii)      දෛනිකව බස් රථ 20ක් ධාවනය කරනු ලබයි.

            (iii)       ඩිපෝවේ සමස්ත පුරප්පාඩ‍ු ගණන 36කි.

ගරු මන්ත්‍රීතුමනි, ඇමුණුමෙහි විස්තර ඇතුළත්ව තිබෙනවා.

             (iv)      දුරගමන් සේවා සම්බන්ධයෙන් ගත්තොත්, මීට පෙර ජා-ඇළ ඩිපෝව මඟින් නුවර දක්වා බස් රථ තුනක් ධාවනය වුණා. නමුත්, දැන් එකයි ධාවනය වන්නේ. ඇණවුම් කරන ලද අලුතින් එන බස් රථ ප්‍රමාණය සහ රියදුරු, කොන්දොස්තර පුරප්පාඩු සපුරා ගත්තාට පස්සේ ඉදිරියේදී මේ මාර්ගවල ධාවන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා.

මාර්ග‍ අංක 87 ඔස්සේ කොළඹ ඉඳලා අනුරාධපුරය, යාපනය දක්වාත්, ජා-ඇල සිට පඹහින්න දක්වාත්, ජා-ඇල සිට බලංගොඩ දක්වාත් ලබන අවුරුද්දේ පළමුවැනි මාස 6 ඇතුළත දුරගමන් සේවා පටන් ගන්න  අපි බලාපොරොත්තු වනවා. 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks