E   |     |  

 දිනය: 2026-08-21   පිළිතුර ලබා දී ඇත 

0785/2026: වැලිසර ඩිපෝව: ධාවනයට සුදුසු බස් රථ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       වැලිසර ඩිපෝව සතුව මේ වනවිට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ඩිපෝවේ මේ වනවිට ඇති සේවක පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iii) උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම නගරයේ පිහිටා ඇති බැවින් රාගම නගරයේ සිට උදෑසන, දහවල් සහ සවස් කාලවලදී දුරගමන් බස් රථ සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වැලිසර ඩිපෝවේ දැනට පවතින ධාවනයට සුදුසු බස් රථ සංඛ්‍යාව 35කි.

              (ii)      වැලිසර ඩිපෝවේ රියදුරු පුරප්පාඩු 6ක් හා කොන්දොස්තර පුරප්පාඩු  6ක් පවතී.

             (iii)      රාගම නගරයේ සිට කිලෝමීටර 3ක් දුරින් කොළඹ නුවර A 1 මාර්ග‍යද පිහිටා ඇති බැවින් උදෑසන, දහවල් සහ රාත්‍රී කාලවලදී මෙම මාර්ගවල දුර ගමන් සේවා බස් රථ නිතර ධාවනය වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks